මෙම නෞකාව ශ්‍රී ලංකා සාගර කලාපයේ ගිලී ඇති නිසා සම්පූර්ණ පරිසර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකිවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට සකස් කර ඇති වාර්තාව ඕස්ට්‍රෙිලියානු නීති විශේෂඥයින් වෙත යොමු කර තිබේ.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය තුළ දී 2021 වසරේ මැයි මස දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීම නිසා වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි ලෙස හානි සිදුවිය. එහි අතුරු ප්‍රථිපලයක් වශයෙන්, මෙරට බස්නාහිර වෙරළ තීරයේ ධීවර කර්මාන්තයට ද බරපතල ලෙස හානි සිදු විය.
මෙමගින් සිදු වූ සමස්ත හානිය වෙනුවෙන් රක්ෂණ සමාගම් විසින් යම් වන්දි මුදල් ප්‍රමාණයක් ලබා දීම සිදු කෙරුණ ද, මේ වනතෙක් එලෙස ලද වන්දි මුදල් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අරුන්දක ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අරුන්දක ප්‍රනාන්දු මහතා පැවසුවේ, මෙරට නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන ඕස්ට්‍රෙිලියානු සමාගමත් සමග මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කළ බවයි.
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කර නොමැති අතර පළමු වාර්තාව ඕසිට්‍රෙිලියානු නීති විශේෂඤයින් වෙත යොමු කර ඇතැයි ද ඒ මහතා පැවසීය.