ඔහු මේ බව පැවසුවේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී හෙටට එනම් දෙසැම්බර් පළමුවෙනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අඳහස් දක්වමිනි.
හෙටට (දෙසැම්බර් 01 වෙනිදාට) යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස් දිනය මෙවරත් සෑම දිස්ත්‍රික්කයකම විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන එක්ව වැඩසටහන් කරමින් සමරන බවද, එහි අරමුණ ජනතාව දැනුවත් කිරීම බවද මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීම් වලින් වැළකී ආරක්ෂිත ලිංගික හැසිරීම් ප්‍රවර්ධනය කිරීම බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ඔබගේ ලිංගික දිශානතිය, ලිංගික හැසිරීම කුමන පැත්තක වුවත් වැදගත්ම වනුයේ ආරක්ෂිත ලිංගික හැසිරීමක යෙදීම බවද, ඔබගේ ස්ථිර සහකරුට බාහිරව වෙනත් කුමන හෝ සහකරුවෙකු හෝ සහකාරියක් සමග ලිංගික හැසිරීමක යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සදහා කොන්ඩමයක් භාවිතා කරන ලෙසද කියා සිටියේය.
ස්ථිර නොවන සහකරුට තවත් සහකරුවන් සිටිය හැකි බැවින් ඒච්. අයි .වී. හෝ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග සෑදීමේ අවදානමක් පවතීම නිසා මෙහි වැදගත්කම අවධාරණය කළ වෛද්‍යවරයා, ආරක්ෂිත ලිංගිකත්වය පිළිබදව අවධානය යොමුකරන ලෙසද, ඒච් අයි වී ආසාදිතයන්ට මෙන්ම ඊට සම්බන්ධ අනෙකුත් අධි අවධානම් කණ්ඩායම් ඒනම් ලිංගික ශ්‍රමිකයන්, දිවී ලිංගික හැසිරීම් සිදුකරන්නන්, සංක්‍රාන්තික සමාජීය කාන්තාවන් ආදීන් හටද කිසිදු වෙනස් කිරීමකින් කොන් කිරීමකින් තොරව මේ සමාජයේ යහපත් ලෙස සියලුම අයිතිවාසිකම් භුක්ති විදිමින් ජීවත්වීමේ අවස්ථාව ලබාදිය යුතු බවද වැඩිදුරටත් සදහන් කළේය.