මාර්තු 02, 2025
tami eng youtube  twitter facebook

    ආහාර සුරක්ෂිතතාවයට රජය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා - වෙළඳ අමාත්‍ය

    නොවැම්බර් 30, 2022

    ආහාර සුරක්ෂිතතාවයට රජය දැඩි අවධානයක් යොමු කර තිබෙන බව වෙළඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

    පසුගිය වසර හා සැසඳීමේදී ලංකා සතොස ආයතනයේ ආදායම සියයට හාරසියයකින් වැඩි වී තිබෙන බවත් පාඩු ලබමින් තිබූ ලංකා සතොස ආයතනයේ 2022 මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අකණ්ඩව ආදායම වැඩි වූ බවත් මෙම වසරේ ඔක්තොම්බර් මාසයේ පමණක් ආදායම රුපියල් මිලියන 5389ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේ, අද (30) කර්මාන්ත, වෙළෙඳ සහ වානිජ සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

    පාරිභෝගික අධිකාරී පනත සංශෝධනය සඳහා එළඹෙන සතියේදී නීතිපතිවරයාට ඉදිරිපත් කරන බවත් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද වෙළෙඳ අමාත්‍යවරයා පැවසිය.

    පාරිභෝගිකයෙක් ලෙස වෙළෙඳපොළ ගනුදෙනු කරන ආකාරය සම්බන්ධයෙන් පාසල් දරුවන්ගේ දැනුම වැඩිකිරීමේ වැඩසටහන්ද වෙළෙඳ අමාත්‍යංශය විසින් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ' වර්තමානයේ පවතින ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් සහන සැළසීමට සහ පාසල් දරුවන් සහ ජනතාව දැනුම්වත් කිරිමට කටයුතු කර තිබේ.

    වැඩිදුරටත් අදහස් දැක් වූ වෙළෙඳ අමාත්‍යවරයා පැවසුවේ, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ සභාපතිත්වයෙන් යුතු පාරිභෝගික කමිටුවක් පත් කර ඇති බවයි.

    ග්‍රාමීය ජනතාවට , වෙළෙඳපළ පාරිභෝගිකයින් සොයා ගැනීමේ දී මතුවන ගැටළු සහ අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් මෙම කමිටුව ප්‍රාදේශීය මට්ටමින් කටයුතු කරනු ලැබේ.

    මෙමඟින් වෙළෙඳපොළ හැසිරීමට යම් බලපෑමක් සිදු කිරීමට හැකියාව ලැබී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය. දිවයින පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බවත් දැනට අක්‍රියව ඇති ආර්ථික මධ්‍යස්ථාව වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමට කටයුතු කරන බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya