පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    රටෙහි ආරක්ෂාව නිරන්තරයෙන් ස්ථාවරව තබා ගැනීමට කටයුතු කළ යුතුයි- ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 30, 2022

    අයවැයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සඳහා වෙන් කළ මුදල, ජනතාව මර්දනයට නොවේ

    මෙවර අයවැයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සඳහා වෙන් කළ මුදල ජනතාව මර්දනය සඳහා වෙන් කළ මුදලක් බවට ඇතැම් දේශපාලන බලවේග චෝදනා කළත් එය මර්දනය සඳහා නොව අධ්‍යාපනය පර්යේෂණය හා සිවිල් ආරක්ෂාව වැනි විවිධ ක්ෂේත්‍ර සඳහා මුදල් වෙන්කළ වැය ශිර්ෂයක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අද (30) පැවති 2023 අයවැයෙන් ආරක්ෂාව සඳහා වෙන්වූ මුදල් වැය ශිර්ෂය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    රට තුළ මේ වන විට අන්තවාදය හෝ සටන්කාමී සංවිධාන ක්‍රියාකාරකම් නොමැති වුවද රටෙහි ආරක්ෂාව නිරන්තරයෙන් ස්ථාවරව තබා ගැනීමට කටයුතු කළ යුතු බවත්, ඉදිරියේදී ඇතිවිය යුතු තර්ජනවලට පවා මුහුණදීමට නිරන්තර සූදානම තිබිය යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය.

    ආරක්ෂක අංශයට වෙන්කර ඇති වියදම් වෙන් කර ඇත්තේ මර්දනයට යන්න හුදෙක් අනවබෝධය නිසා පවසන දෙයක් බවත්, ආරක්ෂක වැය ශිර්ෂය වෙන්කර ඇත්තේ ත්‍රිවිධ හමුදාවලට පමණක් නොවන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලය, ජාතික ආරක්ෂක විද්‍යයතනය හා ජාතික ශිෂ්‍ය භට බලකාය වැනි ජාතික මට්ටමේ ආයතනවලට මෙම වැය ශිර්ෂය යටතේ මුදල් වෙන් කළ බවත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ආපදා සහන සේවා මධ්‍යස්ථානය වැනි ආපදා කළමනාකරණයට හා ආපදා සහන සේවා සඳහා මෙම වැය ශිර්ෂය යටතේ වෙන් කළ බවත්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

    මීට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැනි විද්‍යාත්මක පර්යේෂණ ආයතනවලට විශාල මුදලක් මෙම අයවැයෙන් වෙන් කර ඇති බවත්, බහුකාර්ය කාර්යසාධක බලකාය තුළ දැනට තිස්තුන් දහසක් පමණ රැකියා කරන අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තිස් හතර දහසක් පමණ රාජකාර කරන නිසා ඔවුන් වෙනුවෙන්ද මෙම වැය ශිර්ෂයෙන් මුදල් වෙන් කර බවත්, අමාත්‍යවරයා පැවසීය.

    ආරක්ෂක අමාත්‍යංශය සඳහා රුපියල් බිලියන 410ක් වෙන් කළ බවත්, එයින් 88%ක් එනම් බිලියන 360ක් පුනරාවර්ථන වියදම් සඳහා වෙන් කළ බවත්, ප්‍රග්ධන වියදම් සඳහා වෙන් කර ඇත්තේ 12%ක් එනම් බිලියන 50ක් බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

    මෙම මුදල් බිලියන 50 ත්‍රවිධ හමුදාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි නමුත් මේ රටේ තත්වය තේරුම් ගෙන ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් ආයතන 24 සඳහා වෙන් කළ බිලියන 50ක මුදල උපරිම ප්‍රයෝජන ලබාගැනීමට බලාපොරොත්තු වන බවත්, අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya