2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය වන අද (30) කර්මාන්ත, වෙළෙඳ සහ වානිජ සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ විවාදයට ගත් අතර එම විවාදයට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මේ බව පැවසීය.ඉතිහාසයේ වැඩිම අමු තේ දලු මිල මෙවර වාර්තා කිරීමට හැකි වූ බවත් තේ දළු මිල 360%කින් වැඩි වී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
ලබන වසරේදී තේ ක්ෂේත්රයෙන් වඩාත් යහපත් කාලසීමාවක් වනු ඇතැයිද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
2021 වර්ෂයේදී බිලියන 3.8ක අපනයන අදායමක් ලබා ගැනීමට හැකි වුණා. නමුත් මෙම වසරේ සිව් වන කාර්තුවේදී ඇති වූ ආර්ථික අපගමනය නිසා එම ආදායම ලබා ගත නොහැකි වුණා. ඒ අනුව මෙම වසරේ බිලියන 3.5ක අපනයන ආදායමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
තේ වගා නැවත වගා කිරීම වෙනුවට, සෘජු තේ පැළ, තවන් කිරිමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. මේ ක්‍රමය හරහා වසර 1 2/1න් පමණ තේ ආදායම් ලබා ගැනීමට හැකි වනු ඇති බවද හෙතෙම සඳහන් කළේයෙෙතේ පැළ තවන් දහසක් මේ වසරේ ආරම්භ කර තෙිබෙනවා. කුඩා තේ වතු හිමියන්ට ආධාර කිරිම සඳහා සත්ව පාලනය ඇතුළු අතුරු භෝග හඳුන්වා දී තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට තේ වෙන්දේසි සිදු වන්නේ මාර්ග ගත ක්‍රමයටයි. පොහොර තහනම නොතිබුණා නම් තේ වගාවේ මීට වඩා ඉහළ තත්වයකට යා හැකි වනු ඇතැයිද කිය.
රබර් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා, රටට අනවශ්‍ය ලෙස රබර් ගෙන ඒමට රජය ඉඩ දෙන්නේ නැහැ. පොල් වගාව ආරකෂා කර ගැනීම සඳහා ඉඩම් වෙන්දේසි කිරීම සඳහාද අවසර ලබා නොදුන් බවද කීය. පොල් ගස ආරක්ෂා කර ගැනීමට ගස් හෙළීමේ පනත යටතට පොල් ගස ඇතුළත් කර තිබේ. ෙපොල් වගාව විනාශ කරන සුදු මැස්සා රෝගය සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පැවසුවේ, එම රෝගය වැළැක්වීම සඳහා දුමායනය කිරීමක් හෝ ස්ප්‍රේ කිරීමක් කරන්න අවශ්‍ය බවයි. පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය සමග මැෂින් දෙසීයක් දැනටමත් සපයා තිබේ. කොහොඹ තෙල් සබන් මිශ්‍රණය පාවිච්චි කරන්නත් පුළුවන්.
ඛනිජ වැලි අපනයනයෙන් ඉතිහසායේදී ලැබුණු විශාලම ආදායම මෙවර ලැබී තිබේ. පාසල් පද්ධිතිය තුලට ව්‍යවසායකත්ව කව ආරම්භ කිරීම හරහා කුඩා කර්මන්ත ආරම්භ කිරීම සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීමටද කටයුතු කෙරේ.සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ කටයුතු ද මාර්ග ගත ක්‍රමය ඔස්සේ ආරම්භ කර තිබේ.