රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද(30) පැවති 2023 අයවැයෙන් ආරක්ෂාව සඳහා වෙන්වූ මුදල් වැය ශිර්ෂය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ආරක්ෂක උපායමාර්ගික සැළසුම් වැඩසටහන් යටතේ හමුදාව රටට ගැලපෙන ආකාරයට වෙනස් කිරීමට අවශ්‍ය බවත්, වර්තමාන මෙන්ම අනාගත අභියෝග තර්ජනවලට ගැලපෙන ආකාරයට මෙරට ත්‍රිවිධ හමුදාව සකස් කරගැනීම මෙමගින් සිදුකරන්නට බලාපොරොත්තු වන බවත්, එක් එක් සංවිධාන හෝ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි හමුදාව අඩුකරගැනිමට කිසිදු වගකිවයුතු රජයකට නොමැති බවත්, අමාත්‍යවරයා පැවසීය.
යුද හමුදාව මේ වන විට යම් වැදගත් තීරණ කීපයක් ගෙන ඇති බවත්, ඒ අනුව නොවැම්බර් මස 15 දින සිට දෙසැම්බර් 31 දක්වා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගිය සෙබලුන්ට නිලධාරීන්ට පොදු සමා කාලයක් ලබාදී ඇති බවත්, මෙය පළමු වරට ලබා දෙන පොදු සමා කාලයක් නොවුවද විදේශ ගතවී සිටින යුදහමුදා නිලධාරීන් සඳහා ද මෙම පොදු සමා කාලය යටතේ මෙරටට පැමිණී පොදු සමාව ලබාගැනීමට හෝ ඔවුන්ට නොපැමිණිය හැකි නම් අදාළ ලියකියවිලි භාර දී පොදු සමාව ලබාගැනීමට ඔවුන්ගේ සාමාජිකයින්ට හැකියාව ඇති කිරීම මෙවර පළමු වතාවට ලබාදී ඇති බවත්, ඒ අනුව මෙම මස 29 වන විට ත්‍රිවිධ හමුදාව නීත්‍යානුකූල නොවන ආකාරයට හැරගිය පිරිස 14 127ක් රපෝරතු කළ බවත්, ඔවුන්ට නිදහසේ ඉවත්වීමට අවස්ථාව ලබාදී ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාම ලැබූ සහ ආබාධිත වූ අය වෙනුවෙන් සුභ සාධනය සඳහා යුද ප්‍රවීණයන් සඳහා සුභසාධන ඒකකයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත්, ඔවුන්ගේ මානසික හා කායික සෞඛ්‍ය සඳහා එමගින් සුභසාධනය ඇති කිරීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.