පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ණය සීමාව වැඩි කිරීමට යෝජනාවක් - මූල්‍ය ශක්තිය කළමනාකරණය කරගැනීමට දරන උත්සායක් - මුදල් රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 30, 2022

    ජූලි මසයෙන් පසු කිසිදු අවස්ථාවක මුදල් ප්‍රවාහයන් සඳහා මුදල් මුද්‍රණය කිරීම කර නෑ....

    රජයේ ණය සීමාව ඉහළ දැමීමට කටයුතු කිරීම වැඩියෙන් ණය ගන්න උත්සහ කිරීමක් නොවන බවත් මූල්‍ය ශක්තිය කළමනාකරණය කරගැනීමට දරන උත්සායක් හැටියට පෙන්වා දිය හැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    දේශීය භාණ්ඩාගාර බිල් පත් ආඥා පනත යටතේ යෝජනාව- ණය සීමාව වැඩි කිරීම සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරිමේ අනුදත් සීමාව වැඩි කිරීම සඳහා වන යෝජනාව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව පැවසීය.

    ණය සීමාව රුපියල් බිලියන 3844ක් සංශෝධිත අයවැය ලේඛනය සමඟ අනුමත වී තිබූ බවත් එය තවත් රුපියල් බිලියන 663ක් නැතිනම් 4507 සීමාව ඉහළ දමා ගැනීමට සභාවට ඉදිරිපත් කරන බව පැවසීය.

    භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව රුපියල් බිලියන 3000 සිට රුපියල් බිලියන 4000 දක්වා වැඩි කර ගැනීමට සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරා බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය

    ''මේ වසරේ සෑම මාසයක් ම ආදායම ඉක්මවා වියදම වැඩි වූ මාසයි. ජනවාරි මස බිලියන 154ක්,පෙබරවාරි බිලියන 86ක්, මාර්තු 244ක්, අප්‍රේල් 40ක් මැයි මස 113ක්,ජූනි 257ක්, ජූලි 116ක්,අගෝස්තු 102ක්,සැප්තැම්බර් 132ක්. මේ වෙනස සපයා ගැනීම සඳහා ණය ලබාගැනීමට සිදු වෙනවා. ඒ නිසා අප ණය සීමාව වෙනස් කරගැනීම පිළිබඳ කතා කරනවා.

    රුපියල් බිලියන 3844ක මුදල 4507ක් දක්වා, මෙය මූල්‍යමය ලෙස වෙන ම ලබෙන අවස්ථාවක් නොව මූණත වටිනාකම සහ පොත්වල වටිනාකම අතර වෙනස සපයා ගැනීමටයි, මේ උත්සහය ගන්නේ.

    2022 වසරේ ඉතිරි කාලය සඳහා තවත් බිලියන 483ක් අවශ්‍ය වෙනවා භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැදුම්කර සහ විදේශ බහුපාර්ශවීය ගෙවීම් සඳහා.

    මෙය සුවිශේෂී වූ නැවත ණය ගැනීමක් නොවේ.පොළී අනුපාතය අඩු කිරීමට හැකියාවක් නෑ. උද්ධමනය පාලනය කිරීමට තිබූ දැවැන්ත ම අවිය තමයි පොළී අනුපාතය ඉහළ දැමීම.ඒ අනුව රාජ්‍ය ණය සීමාව වැඩි කරලා, රජය ගැනීමට බලාපොරොත්තු වූ මූල්‍යමය වටිනාකම,ඒ ආකාරයෙන් ම ගන්න ඉඩ දෙන්න කියා ඉල්ලා සිටිනවා.

    අද භාණ්ඩාගාර බැදුම්කර ගන්න වෙළඳපොළ සූදානම් නෑ, තිබෙන අවිනිශ්චිතභාවය සමඟ. ඒ නිසා භාණ්ඩාගාර බිල්පත් ණය සීමාව බිලියන 1000කින් වැඩි කරන්නට සිදු වුණේ. කාලයට උචිත ලෙස මූල්‍යමය තත්ත්වය ද්‍රවශීලතාව ආරක්ෂා කරගන්න,සිදුව තිබෙනවා,භාණ්ඩාගාර බිල්පත්වල, සීමාව බිලියන 1000කින් වැඩි කරගන්න සිදුවෙනවා. මෙය වැඩියෙන් ණය ගන්න උත්සහ කිරීමක් නොවේ. මූල්‍ය ශක්තිය කළමනාකරණය කරගැනීමට දරන උත්සායක් හැටියට සභාවට පෙන්වා දිය හැකියි.

    මුදල් මුද්‍රණයක් මෙතැනදී සිදුවෙනවා. ජූලි මසයෙන් පසු කිසිදු අවස්ථාවක මුදල් ප්‍රවාහයන් සඳහා මුදල් මුද්‍රණය කිරීම කර නෑ. වැටුප් ගෙවන්න,සුබසාධනයට ගෙවන්න මුදල් මුද්‍රණය කර පාවිච්චි කර නෑ. යම්කිසි පාලනයක් මේ තුළ පවත්වාගෙන ගිය නිසා හැකි වී තිබෙනවා 2021ට වඩා 2022 වසරේ මුදල් සංචිතයට එකතුවීම,සියයට 78.8%කින් අඩු කරගන්න.එය ඉතාමත් වැදගත් තත්ත්වයක් . උද්ධමනයට බලපාන ආකාරයට මේ කටයුත්ත කරන්නේ නෑ.

    අද මෙම යෝජනාව නිසා ප්‍රාථමික ශේෂය,වැඩිවන්නේ නෑ.අයවැය හිඟය වැඩිවන්නේ නෑ. මේ හැර වෙනත් විකල්ප තිබෙනවාද? සිහිනයක් නොවේ. වගකිව යුතු වැඩපිළිවෙලක් මීට වඩා තිබේ නම් පෙන්වා දෙන්න. සුබවාදීව ඉදිරියට යන මොහොතක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya