පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    රටේ බැංකු පද්ධතියට බලපෑමක් ඇති වන කිසිදු තීරණයක් රජය ගන්නේ නෑ- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    නොවැම්බර් 30, 2022

    රටේ බැංකු පද්ධතියට බලපෑමක් ඇති වන කිසිදු තීරණයක් රජය නොගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (30) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

    දේශීය ණය ප්‍රතිව්‍යහගත කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් රජයේ ස්ථාවරත්වය පැහැදිළිව ප්‍රකාශ කර ඇති මොහොතක මේ සම්බන්ධයෙන්
    විවිධ ප්‍රකාශ කරමින් අවිනිශ්චිතතාවක් ඇති නොකළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

    මේ රටේ වර්තමාන ආර්ථික තත්වය පිළිබඳ ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද මනා අවබෝධයෙන් සිටින බවත් සියළු දෙනාටම අවශ්‍ය වන්නේ ජනතාව වෙනුවෙන් සහණ සැළසීම බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය පෙන්වා දුන්නේය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද ප.ව. 6.00 සිට ප.ව. 7.00 දක්වා 2022 මූල්‍ය වර්ෂයට අදාළ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනා සම්මතය පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ රටේ ආර්ථිකය කලමනාකරණය කළයුතුව ඇති බවත් රජය සහ මහ බැංකු ව ඒ සඳහා කටයුතු කරන බවත් කී රාජ්‍ය අමාත්‍යවරයා රජය මනා විනිවිදබාවයෙන් යුතුව එම කටයුතු සිදු කරන බවද කීය. ආර්ථිකය ස්ථාවර කර ගත් පසු මැතිවරණයකට යමු රැඳවුම් බද්ද වැඩි කළ හොත් ඒ මත ජීවත් වෙන මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අසරණභාවයට පත් වෙනවා. රජය ආර්ථිකය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල ඉතාම වේදනාත්මක වෙයි. එහෙත් මෙසේ නොකළහොත් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට ක්‍රමයක් නැහැ.

    රජය මේ මොහොතේ ඉතාම විනිවිදභාවයෙන් කටයුතු කරනවා. ණය ප්‍රතිව්‍යහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා කිසිදු රටක් සහය නොදක්වන බව දන්වා නැහැ. ලෝකයේ විවිධ රටවල ණය හිමියන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ නිලධාරින් සමග මේ වන විටත් සාකච්ඡාකරමින් සිටින බවත් කීය මේ මොහොතේ කළ යුත්තේ ජනතාව තුළ විශ්වාසය ඇති කිරීම බවත් විපක්ෂයද ඒ සඳහා සහායවෙමින් සිටින බව ඒ මහතා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya