ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    වැවිලි කර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට සාකච්ඡා

    නොවැම්බර් 30, 2022

    වැවිලි කර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා සිදු කරන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    වැවිලි කර්මාන්තය තවදුරටත් දියුණු කරමින් රටට ඩොලර් උපයන ප්‍රධාන මාර්ගයක් බවට පත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

    2023 අයවැය දෙවන වර කියවීමේ විවාදයේදී වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාතයවරය මේ බව පැවසීය.

    ඉදිරියේදී වාණිජ දැව විකුණා එම සංස්ථාවේ ඇති ගැටළු විසඳීමට කටයුතු කරන බවත් වසර 20ක් 30ක් පරණ වූ පසු මෙම දැවවලින් ප්‍රයෝජනයක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    උක් ගොවීන් සඳහාද මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya