රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් එල්ලවෙමින් තිබෙන විවිධ චෝදනා සහ වැය ශීර්ෂයට අදාළ සෙසූ කරුණු පැහැදිලි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මේ බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් මෙසේ ද පැවසීය.
ජාතික ආරක්ෂව පිළිබඳව ජනපති විශේෂ අවධානයෙන්
රටක ජාතික ආරක්ෂාව සහ නීතියේ ස්වාධිපත්‍ය ආරක්ෂා වී තිබීම එම රටේ දියුණුවට අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැයෙන් ජාතික ආරක්ෂාවට විශේෂ ස්ථානයක් ලබා දුන්නා. අන්තවාදය, ෆැසිස්ට්වාදය රට තුළ පරාජයට පත්කර තිබුණත් එය රට තුළත් ඉන් පිටතත් මතවාදීමය තලයේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා රටේ ආරක්ෂාවය ප්‍රමුඛතාවය හිමිවිය යුතුයි.
රුපියල් බිලියන 410න් ත්‍රිවිධ හමුදාවට බිලියන 50යි
මේ වන විට රට තුළ විවිධ පාර්ශ්ව ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයට මෙපමණ මුදලක් වෙන් කිරීම ගැන ප්‍රශ්න මතු කරනවා. මේ දේවල් කරන්නේ අනවබෝධය නිසා බවයි මම කල්පනා කරන්නේ. ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය කියපු ගමන් සියලු දෙනා හිතන්නේ ත්‍රිවිධ හමුදාවට රුපියල් බිලියන 410ක් වෙන් කර තියෙනවා කියලා. මේ මුදල් වෙන් කරලා තියෙන්නේ ආරක්ෂක විශ්වවිද්‍යාලය, ආපදා කළමනාකරණයට, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයට, කාලගුණයට සම්බන්ධ ආයතනවලට සහ සහන සේවාවලට. මේ ආකාරයට හමුදාමය නොවන ආයතන 22ක් සඳහා ප්‍රතිපාදන වෙන් කර තියෙනවා.
ඒ වගේම මෙවර ආරක්ෂක අමාත්‍යංශය යටතේ මුදල් වෙන් කෙරී ඇති බහු කාර්ය සාදක බලකායේ සේවකයන් දහස් ගණනක් ඉන්නවා. ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායේ සේවකයන් දහස් ගණනක් ඉන්නා. මේ අයගේ වැටුප් ආදිය ගෙවීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයෙන් බිලියන 360ක් පුනරාවර්තන වියදම් ලෙස වෙන් කෙරෙනවා. ඉතිරි බිලියන 50ක මුදල් ප්‍රමාණය තමයි ප්‍රාග්ධන මුදල් ලෙස ඉතිරි වෙන්නේ.
හමුදාවේ වෙනස්කම්වලට ජනපතිගෙන් කමිටුවක්
රටේ දැන් යුද්ධයක් නැති නිසා ආරක්ෂක හමුදාව මෙපමණ ප්‍රමාණයක් කුමකටද කියලා සමහරු ප්‍රශ්න කරනවා. රටක හමුදාවක් කියන එක හිතුමතේම අඩු වැඩි කරන්න බෑ. ආරක්ෂා ව පිළිබඳව කෙරෙන අනාගත පුරෝකථනයන් පිළිබඳව සලකා බලමින් තමයි කටයුතු කරන්න වෙන්නේ. හමුදාව අඩු කරන එක ගැන සමහරු විවිධ අදහස් පල කරනවා. ත්‍රිවිධ හමුදාව "Down size" කරන්න ඕන කියලා සමහරු කියනවා. ආරක්ෂක උපාය මාර්ග සැලසුම 2030 යටතේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෘත්තීය නිපුණතාවයෙන් යුත් කමිටුවක් මඟින් හමුදාව ඉදිරි අනාගතයට ගැලපෙන ලෙස වෙනස් කළ යුතුයි. වර්තමානයේ මෙන්ම අනාගත අභියෝග, තර්ජනනලව ගැලපෙන ආකාරයට අපේ ත්‍රිවිධ හමුදාව සකස් කර ගැනීමයි විය යුත්තේ.
විදෙස් ගත සෙබළුන්ටත් පොදු සමාව වලංගුයි
ත්‍රිවිධ හමුදාවේ නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැර ගිය නිලධාරීන්ට හා සෙබළුන්ට පොදු සමා කාලයක් ලබා දී තියෙනවා. එය නොවැම්බර් 15 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. නීත්‍යානුකූල නොවන ලෙස ඉවත්ව ගොස් විදේශ රටවල රැකියාවල යෙදෙන නිලධාරින්ට හෝ සෙබළුන්ට ඉන් ඉවත් වීමට මෙම පොදු සමා කාලය තුළ හැකියාව ලැබෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. ඒ අයට පැමිණීමට අපහසු නම් ඔවුන්ගේ ඥාතීන්ට පැමිණ අවශ්‍ය කරන ලියකියවිලි භාර දී නීත්‍යනුකූලව ඔවුන්ගෙන් ඉවත් වීම සහතික කර ගත හැකි වෙනවා. අද වන විට සේවය හැර ගිය සෙබළුන් 14127ක් යලි රපෝර්තු කර තියෙනවා. ලංකාවේ ඉන්න අයටත් නීත්‍යනුකූලව ඉවත් වෙලා අවශ්‍ය නම් දේශීයව හා විදේශීයව රැකියාවල යෙදීමට බාදාවකින් තොරව අවස්ථවා ලැබී තියෙනවා.
සාමසාදක බලකායට ගිහින් ඇ.ඩො. බිලියන ගණනක් උපයයි
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට සම්බන්ධ වෙලා තියෙනවා. අපි 2021 වසරේ පමණක් ඇ.ඩො. මිලියන 24කට වඩා වැඩි මුදලක් උපයා තතියෙනවා. ඒ වගේම 2022 වසරේ ජූලි මාසය වන විට අපේ හමුදා සාමාජිකයින් 544 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සාම සාදක හමුදාවට එක් වී සිටිනවා.
දේශපාලන පක්ෂ සහ සංවිධාන පාසල්වලටත් රිංගයි
විශ්වවිද්‍යාල මේ වන විටත් ශීෂ්‍ය සංගම් හරහා ආක්‍රමණය කර ඇති දේශපාලන පක්ෂ පාසල් වලටද ඇතුල් වෙමින් සිය පක්ෂ ලාංඡන දරුවන්ට පැලඳවීමට සලස්වා තියෙනවා. 5 ශිෂ්‍යත්ව පංති පවත්වන මුවාවෙදන් දෙමව්පියන් ගේ පැමිණීම අනිවාර්ය කර ඒ හරහා තමන්ගේ දේශපානලය කරනවා. දරුවන්ට ඔවුන්ගේ ළමා කලය ගෙවීමට ඉඩ දිය යුතුයි.
හමුදාවේ විනය සහ ඉවසීම
අට පාස් ආමිකාරයෝ කියලා අවමන් කරන අයට කියන්න තියෙන්නේ අපේ හැම අධිකාරිය ලත් නිලධාරීන්ටම උපාධියක් තියෙනවා. උසස් වෙන්න වෙන්න ඩිප්ලෝමා, විදෙස් ගත පුහුණුව ලබා
දෙනවා. අවම වශයෙන් පුහුණු පාඨමාලා 15 ක් 20 ක් එක් නිලධාරියෙක් කරලා තියෙනවා. හමුදාවක් කියන්නේ එක්තරා විදියක විශ්වවිද්‍යාලයක්. ඔවුන්ට ලැබෙන පුහුණුව නිසා තමයි පෙළපාලි ඇවිත් මුහුණට කෙළ ගහලා උඹලට වඩා ප්‍රභාකරන් හොඳයි කියද්දි ගිණි අවි අතේ තියාගෙන ඉවසලා ඉන්නේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව