රුසියානු තානාපති කාර්යාලය හා රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙම අධ්‍යයන චාරිකාව සංවිධානය කෙරිණි.
මෙයට වසර එකහමාරකට පමණ පෙර රුසියාවේ එම ආයතන මගින් කරන ලද ඉල්ලීමකට අනුව ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අදාළව සෞඛ්‍ය තාක්ෂණය හා දැනුම හුවමාරු කර ගැනීම මෙමගින් බලාපොරොත්තු වේ.
මේ අනුව ලබන දෙසැම්බර් 3 වෙනිදා දක්වා ශ්‍රී ලංකා ජාතික රෝහල,පවුල් සෞඛ්‍ය කාර්යාංශය,වසංගත රෝග විද්‍යා ඒකකය, සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කිහිපයක්, අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල මෙන්ම වෛද්‍ය පීඨ කිහිපයක් හා දන්ත වෛද්‍ය පීඨ කිහිපයක් එම කණ්ඩායම විසින් නිරීක්ෂණය කිරීමට සැලැසුම් කර ඇත.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්,වෛද්‍ය වෘත්තිකයන් අතර දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්,රුසියාවේවෛද්ය තාක්ෂණය ලබා ගැනීමට මෙන්ම එරට හා එක්ව විද්‍යාත්මක පර්යේෂණ අත්හදා බැලීමටත් මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ජගරියන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ,එරට මොස්කව් මෙට්‍රොපොලිටන් ගවර්නර්ස් යූරි ලුෂ්කොව් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී වෛද්‍ය වැසිලි ෆිවස්කි ප්රමුඛ නියෝජිත කණ්ඩායමක්ද, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මරියා පොපෝවා, එහි ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්රිය රාමනායක යන මහත්ම මහත්මීන් පිරිසක් ද, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) සුනිල් ද අල්විස් ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.