ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුවේ පමණක් නොව, අනෙකුත් අංශවල ද කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි- ජනාධිපති පාර්ලිමේන්තුවේ දී කියයි

    දෙසැම්බර් 01, 2022

    පාර්ලිමේන්තුවේ පමණක් නොව, අනෙකුත් අංශවලද කාන්තා නියෝජනය වැඩි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවියන්ගේ සංසදය විසින් ස්ත්‍රී ප්‍රචන්ඩත්වයට එරෙහිව ආරම්භ කර ඇති දින 16ක ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළ කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද එම පනත සකස් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස් ලබා දී ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    මීට වසර 91කට පෙර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 2%ක් බවත් අද දක්වා එය වර්ධනය වී ඇත්තේ 5.3%කින් පමණක් බවද ජනධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ''එදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් සිටියේ දෙදෙනකු පමණයි. අද වන විට මන්ත්‍රීවරියන් 12 දෙනෙක් ඉන්නවා. මෙතන තමයි ප්‍රධානම ප්‍රශ්නය ඇති වෙලා තිබෙන්නේ.එදා අපේ පාර්ලිමේන්තුවේ 2%ක් සිටින අවස්ථාවේ අමෙරිකානු පාර්ලිමේන්තුවෙත් සිටියේ මෙම ප්‍රමාණයමයි. එහෙත් අද බලන්න. කැනඩා, ඕස්ට්‍රෙිලියානු පාර්ලිමේන්තු තුළ කාන්තා නියෝජනය වැඩි වී තිබෙනවා.

    තරුණයින්ට කාන්තාවන්ට අවස්ථාව දුන්නත් ඒ සඳහා මුදල් වියද්ම් කෙරීමට ඔවුන්ට හැකියාවක් නැති බැවින් පවතින මනාප ඡන්ද ක්‍රමය වෙනස් කර මිශ්‍ර ක්‍රමයක් සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර නිසි ක්‍රමවේදයක් සකස් කල යුතු බවත් රටට මෙවැනි ක්‍රම වේදයක් අවශ්‍ය බවද ජනාධිපතිවරයාපෙන්වා දුන්නේය.

    අද වැවිලි සමාගම්වල සේවය කරන බහුතරය කාන්තාවන් . නමුත් අධ්‍යක්ෂ මණ්ඩලයේ එක් කාන්තාවක්වත් නැහැ. ඇගලුම් ක්ෂේත්‍රයේ බහුතරයක් කාන්තාවක් , එහෙත් අධ්‍යකෂක මණ්ඩලයේ කාන්තාවන් නැහැ. කාන්තාවන්ට අධ්‍යක්ෂක මණ්ඩලවල එම වගකීම දිය යුතුයි. මෙම වැරැද්ද කර තිබෙන්නේ පුද්ගලික අංශවල පමණක් නෙවෙයි. ආණ්ඩුවත් මෙම වැරැද්ද කර තිබෙනවා. සංස්ථාවලත් එහෙමයි. මෙම අඩුපාඩුව අප නිවැරිදි කළ යුතුයි. ප්‍රධාන අමාත්‍යංශ ගණනාවක් කාන්තාවන්ට දී නැහැ.කාන්තාවන්ට වෙනත් ඇමතිකම් දෙන්න මම කැමතියි.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya