පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
එම බදු තොරතුරු ඇතුළ් කිරීම සඳහා සකස් කළ මෘදුකාංගයේ ඇති වී තිබෙන තදබදය හේතුවෙන් එම මෘදුකාංගය ක්‍රියා නොකරන බවද හෙතෙම සඳහන් කළේය.
බදු තොරතුරු ඇතුළ් කිරීම සඳහා ලබා දුන් අවසන් දිනය වූ ඊයේ දිනයේ බොහෝ දෙනා එම තොරතුරු ඇතුළ් කිරීමට යාම නිසා තදබදයක් ඇති වී තිබෙන බවත් එම කාලය තුළ කිසිදු දඬයකට යටත් නොකරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.