ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපනය යනු විශ්ව අයිතියක් - උසස් අධ්‍යාපනය හැදෑරිය නොහැකි සිසුන් සඳහා ණය මුදලක් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළයුතුයි

    දෙසැම්බර් 01, 2022

    දිළිඳු බව නිසා උසස් අධ්‍යාපනය හැදෑරිය නොහැකි සිසුන් සඳහා ණය මුදලක් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    දුප්පත් වුවත් පොහොසත් වුවත් උසස් අධ්‍යාපනය සඳහා ණය මුදලක් ලබා දීමට රජය සූදානම් බව සඳහන් කළ ජනාධිපතිවරයා, අධ්‍යාපනය යනු විශ්ව අයිතියක් බව සඳහන් කළේය.

    2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවන දිනය වන අද ,අධ්‍යාපන අමාත්‍යාංශය,කාන්තා,ළමා කටයුතු,සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

    දැන් අපි මුදල් ලබා දෙන්නේ සිසුන්ට නෙමෙයි විශ්ව විද්‍යාල සහ පීඨ වලට. මෙය දරුවන්ට කරන අසාධරණයක්. අද හැම විශ්ව විද්‍යාලයක්ම ගාස්තු අය කරනවා . නිදහස් අධ්‍යාපනය නම් නිදහස් විය යුතුයි. බාහිර කළත් අභ්‍යන්තර කළත්. 2022 සිට තවත් වසර 25ක් ඉදිරියට යන්න පුළුවන් පාසල් පද්ධතියක් ඇති කළ යුතු බවත් රැකියා වෙළෙඳපළට අවශ්‍ය පරිදි අපි අධ්‍යාපනය සකස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    අධ්‍යාපනය සඳහා රජයේ නොවන අංශයක්ද ආරම්භ කළ යුතු බවද පාර්ලිමේන්තුවේ තිබෙන සියළුම කාරක සභා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු යැයිද ජනාධිපතිවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya