මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    වසර 2024 වන විට සංචාරකයින් ලක්ෂ 30ක් ගෙන්වා ගැනීම අරමුණයි - සංචාරක අමාත්‍ය

    දෙසැම්බර් 01, 2022

    වසර 2024 වන විට සංචාරකයින් ලක්ෂ 30ක් ගෙන්වා ගැනීම තම අරමුණ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

    අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සංචාරක ක්ෂේත්‍රයේ කෙටිකාලීන,මධ්‍යකාලීන දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එහි මුල් පියවරක් ලෙස ඉන්දියාවේ ගුවන් ගමන් සම්බන්ධයෙන් තමා සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පැවසීය.

    එසේම ලංකාවේ ප්‍රධානතම සංචාරක ඉලක්ක වන්නේ, යුරෝපා වන අතර විශේෂයෙන් ජර්මනිය,ප්‍රංශය,වැනි රටවලින් විදේශිකයන් ගෙන්වා ගැනීමට සැලසුම් මේ වන විට ක්‍රියාත්මක වන බවත්,ඊට අමතරව මීටපෙර ලංකාවට පැමිණ නැති රටවල් වල සංචාරකයින් ගෙන්වා ගැනිම ද ඉලක්කය බවත් පැවසීය.

    එසේම ඔස්ට්‍රේලියාව වැනි රටවල සංචාරකයින් ත්‍රාසජනක ක්‍රියාවලට වඩාත් කැමත්තක් දක්වන නිසා ඒ සම්බන්ධයෙන් ස්ථාන සකස් කිරිමටත් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    මේ වසරේ දෙසැම්බර් වන විට සංචාරකයින් ලක්ෂ 8 ක් පමණ පැමිණෙතැයි ගණන් බලා ඇති අතර මේ වන විට ලක්ෂ 7කට ආසන්න පිරිසක් පැමිණ ඇතිය ද කීය.
    එසේම සංචාරක ක්ෂෙත්‍රයේ සිටින පිරිස් ලබාාගත් ණය සහනය මේ වසරේ දෙසැම්බර් 31 වන විට අවසන් වන හෙයින් ඒ සම්බන්ධයෙන් බැංකු සමඟ සාකච්ඡා කිරිමටත් අදහස් කරන බව අමාත්‍යවරයා පැවසීය. එසේම සංචාරක කලාප 49 ක් හදුන්වා දීමට කටයුතු කරන බවද කීය.
    මේ රට සංචාරක ක්ෂේත්‍රය පමණක් යොදා ගෙන රටේ ආර්ථිකය ගොඩනැංවිය හැකි බව විශ්වාසය පල කළේ ය. එසේම ,වැටි ඇති සංචාරක කර්මාන්තය මේ වන විට යම්තාක්දුරට ගොඩනැගෙමින් පවතින හෙයින් උද්ඝෝෂණ ,අරගල රටේ ආර්ථිකයට හානියක් නොව ලෙසින් සිදු කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya