2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ අට වැනි දින ( අධ්‍යාපන අමාත්‍යාංශය,කාන්තා,ළමා කටයුතු,සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ ) විවාදයට ජනමාධ්‍ය අමාත්‍යවරයා එක්වෙමින් මේ බව පැවසීය.
මේ වන විට පුද්ගලික අධ්‍යාපන ආයතන බොහොමයක් විදේශීය විශ්වවිද්‍යාල සමග එක්ව පෞද්ගලික උපාධි ලබා දෙයි. මෙම ආයතන රජය මගින් කිසිදු නියාමනයකට යටත් නොවන බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඉන්දියාව බංගලිදේශය, නේපාලය වැනි රටවල් අධ්‍යාපනය ලබන සිසුන් ප්‍රමාණය මෙම වසරේ ඉහළ ගොස් තිබේ. අධ්‍යාපනය සඳහා සිසුන් බොහෝ ප්‍රමාණයක් විදේශගත වෙයි.
රාජ්‍ය නොවන අංශවලට උසස් අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා පුළුල් කිරීම සඳහා සියළු රජය කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය. අද වනවිට සිසුන් බොහෝ ප්‍රමාණයක් අධ්‍යාපනය සඳහා විදේශයට සංක්‍රමයණය වීම මේ හේතුවෙන් රට තුළ ඇති විදේශ විනිමය මෙන්ම දැනුම හා කුසලතාව විදේශයට ගලා යාමද සිදු වේ. මෙය වළක්වාගැනීම සඳහා විදේශීය විශ්වවිද්‍යාල සමග අනුබද්ධව ආයතන මෙරට පිහිටවිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය