2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැන දිනය වන අද (01) ,අධ්‍යාපන අමාත්‍යාංශය,කාන්තා,ළමා කටයුතු,සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙරට කෘෂිකාර්මික රටක් වුවද කෘෂිකර්මාන්තය ෆේල් බවත් ඊට හේතුව කෘෂිකර්මාන්තය සඳහා නිසි ප්‍රතිපත්තියක් නොතිබීම බව හෙතෙම සඳහන් කළේය. ආර්ථික විද්‍යාඥයින් සඳහා අවශ්‍ය නීති සම්පාදනයට නම් විද්‍යාව සහ තාක්ෂණය සමග දියුණු වූ නාවෝත්පාදනන වල සහය අවශ්‍ය බවද කීය.
ශ්‍රී ලංකාව කෘෂිකාර්මක රටක්. ඒත් මේ රටේ කෘෂිකර්මාන්තය ෆේල්. ඊට හේතුව තමයි ගත්ත ප්‍රතිපත්ති. ලෝකයේ දියුණු රටවල, ආර්ථික විද්‍යාඥයින්ට අවශ්‍ය තින්දු තීරණ ගන්න තාක්ෂණික නවෝත්පාදන අවශ්‍යයි. ලෝකයේ සෑම රටකම පර්යේෂණ සිදු වෙනවා. ජපානයේ දවසින් දවස නව නිර්මාණ බිහිවෙනවා. ඒ රටවල් වල පර්යේෂණ තුළින් නවෝත්පාදක තුළින් නිර්මාණය කර ගන්න දේවල් වලට අපේ රටේ විදේශ විනිමය ලබා දෙනවා.අපේ තිරුවානා අපි යවනවා තායිවානයට. එහෙ චිප්ස් හදල නැවත අපට එවනවා. ආර්ථික සංවර්ධනයට එකතු කර නොගන්නා තාක් මේ රට ණය බරිත රටක් වෙනවා.
ගුරු වරු මාරු කරන්න බැහැ. කළ යුත්තේ ගුරුවරු ස්ථානගත කිරීමයි. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ , පසුගිය සතියේ ප්‍රතිඵල නිකුත් වූ සාමාන්‍ය ප්‍රතිඵල විභාගයෙන් සිසුන් 6000ක් අසමත් බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් වගකීම ගැනීමට හෝ කතා කිරීමට කිසිවෙකු නොමැති බවද කීය.
අද හැමෝම කතා කරන්නේ ගුරැ වැටුප් විෂමතාවය ගැන. අද සාමාන්‍ය පෙළ විභාගයේ සිසුන් 6000 ගණනක් සියළුම විෂයන් අසමත්. කවුද ඒ ගැන කතාකරන්නේ. ගුරුවරු වසර 11ක් පාසලේ අධ්‍යාපනය ලබා දීල සියළුම විෂයන් අසමත් වෙලා. පාසලෙන් ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ඇගයීමක් සිදු නොවන බවද කීය.පාසල් ගුරුවරුන් සඳහා ගුරු ආචාර ධර්ම පද්ධතියක් තිබෙන බවත් ගුරුවරු ඒ අනුව කටයුතු කළ බවද හෙතෙම කීය.
ගුරු මාරු, වැටුප් විෂමතා ආදී ගැටලු සියල්ලට හේතුව තාක්ෂණය යොදා නොගැනීම නිසා ඇතිවන ප්‍රශ්න. පළාත් සභා ආයතන මීට වඩා සක්‍රීය ලෙස මහජන තාව සමග සම්බන්ධ විය යුතුයි. ඒ සඳහා මහජන නියෝජිතයෝ අවශ්‍යයි.එය අපි මේ පාර්ලිමේන්තුවේදී විසඳි ය යුතුයි. පාසල් වලට අවශ්‍ය පුහුණු ගුරුවරු ලබා ගැනීමට තමයි ගුරු විද්‍යාපීඨ පිහිටවූයේ. 2024 සිට බඳවා ගන්නා සැම ගුරුවරයෙක්ම විශ්ව විද්‍යාලයකට බඳවා ගන්නා බවත් ඒ මහතා පැවසීය.