ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    විදේශගතවීමේ බලාපොරොත්තුවකින් තොරව ගමන් බලපත්‍ර ලබාගැනීමෙන් වළකින්න

    දෙසැම්බර් 01, 2022

    විදේශගතවීමේ බලාපොරොත්තුවකින් තොරව ගමන් බලපත්‍ර ලබාගැනීමෙන් වළකින ලෙසත්, මේ මොහොතේදී ඒ සඳහා අමතර වැයබරක් දරා ලබාගැනීම අවශ්‍ය නොවන බවත්, ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ජනතාවට දැනුම් දෙයි.

    සංශෝධිත විදේශ ගමන් බලපත්‍ර, වීසා හා අනෙකුත් ගාස්තු පිළිබඳ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඊයේ(30) පැවති මාධ්‍ය හමුවකදී ගමන් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

    එසේම තවදුරටත් අදහස් දක්වමින් ආගමන විගමන පාලකවරයා පැවසුවේ යම් අයකුට ගුවන් ගමන් තහනමක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් තිබෙන නව තත්වය සොයා බලා තහනම ඉවත් වී ඇතැයි තහවුරු වුවොත් පමණක් විදේශ ගතවීමට කටයුතු කරන්නේ නම් සුදුසු බවයි.

    එමෙන්ම ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු වැඩිවීම හා ද්විත්ව පුරවැසියන්ගේ පුරවැසිබව ලියාපදිංචි ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ද්විත්ව පුරවැසියන් ලියාපදිංචි කිරීමේ ගාස්තුව වැඩිවීමක් සිදුවී නොමැති බවත්, මෙම මොහොතේ සිදුවී ඇත්තේ මිල වැඩිකිරීම නොව රුපියල අවප්‍රමාණය වීම නිසා ඩොලර් වශයෙන් ප්‍රකාශ කරන හෙයින් එම අගය වැඩිවී ඇති බවත්ය.

    මෙහිදී ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තොරතුරු තාක්ෂණය පිළිබඳ ගමන් පාලක චම්පික රාමවික්‍රම මහතා පැවසුවේ එක්දින ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු රුපියල් 20 000 දක්වා ඉහළ ගිය බවත්, සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු රුපියල් 3500 සිට රුපියල් 5000දක්වා ඉහළ ගිය බවත්ය.

    නැතිවූ ගමන් බලපත්‍ර දඩ මුදල රුපියල්11500 සිට වර්ග දෙකක් යටතේ වැඩිවී ඇති බවත්, ඒ අනුව ලබාගත් ගුවන් ගමන් බලපත්‍ර අවුරුද්දක් ඇතුලත නැතිවුනොත් රුපියල් 20000ක්ද, අවුරුද්දකට පසුව නැතිවුනොත් රුපියල් 15000ක්ද අයකරන බවත්, විදේශයන්හි සිටින පිරිසගේ ගමන් බලපත්‍ර නැතිවුවහොත් වසරකට පෙර නම් රුපියල් 23‍200 සිට රුපියල් 40000 දක්වා වැඩිවූ බවත්ය.

    එමෙන්ම 2023 මාර්ගගත ක්‍රමයට තමන්ගේ නිවසේ සිට විදේශ ගමන් බලපත්‍ර ඉල්ලා අයදුම් කළ හැකි බවත්, ඇඟිලි සළකුණු ලබාදීම සඳහා තවත් කාර්යාල 50ක් ප්‍රාදේශීය වශයෙන් ඇති කරන බවත්, ඒ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya