ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    තාක්ෂණයත් සමග ඉදිරියට යා හැකි දරු පරපුරක් නිර්මාණය කිරීම සියලු දෙනාගේ වගකීමක්

    දෙසැම්බර් 01, 2022

    තාක්ෂණයත් සමග ඉදිරියට යා හැකි දරු පරපුරක් නිර්මාණය කිරීම අප සියලු දෙනාගේ වගකීම බව තාක්ෂණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද(01) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

    ඩිජිටල් තාක්ෂණයෙන් අධ්‍යාපනය සවිබල ගැන්විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

    2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි දිනය වන අද ,අධ්‍යාපන අමාත්‍යාංශය,කාන්තා,ළමා කටයුතු,සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඉදිරි වර්ෂයේ පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් වැඩි කිරිම සඳහා කටයුතු කරනවා.තොරතුරු තාක්ෂණය සඳහා ගුරුවරු පුහුණු කරන වැඩපිළිවෙළක් ලබන වසරේ ආරම්භ කරන බවත් ඒ යටතේ ගුරුවරු 700ක් පුහුණු කිරීම ආරම්භ කරන බවද කීය.

    ළමා අපචාර සම්බන්ධයෙන් 12,000ක් පමණ පැමිණිලි ලබැ ඇති බවත් තාක්ෂණය ලබා දෙන අතරම දරුවන් ආරක්ෂා කර ගැනිම සම්බන්ධයෙන්ද දෙමාපියන් සිය අවධානය යොමු කල යුතු යැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya