ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙයි  

    දෙසැම්බර් 02, 2022

    පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ඊයේ (01) පැමිණි බව වේත්‍රධාරි නරේන්‍ද්‍ර ප්‍රනාන්‍දු මහතා පැවසීය.

    ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින්, පැසැල් 32 කට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000 කට අධික පිරිසකට අද දවසේදී පාර්ලිමේන්තුව නැරඹීමේ අවසරය ලබා දී ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

    ලෝක පාර්ලිමේන්තු සමග සැසඳීමේදී ද, එක් දිනක් තුළ මෙපමණ පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම වාර්තාවක් විය හැකි බවද තවදුරටත් වේත්‍රධාරිවරයා සදහන් කළේය.

    කොවිඩ් වසංගතය හේතුවෙන් වසා තබන ලද මහජන ගැලරිය පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පසුගිය සැප්තැම්බර් 19 වන දින සිට නැවත විවෘත කිරීමෙන් පසු 25,000 කට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිහිටි පාසැල් නියෝජනය කරමින්, පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පැමිණ ඇත.

    තවද, 2023 වසරේ ජනවාරි මාසයේ සිට පාර්ලිමේන්තුව නැරඹීම පිණිස පැමිණෙන සෑම පාසැල් සිසුවෙකුටම, නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද, ඒ මහතා සඳහන් කරයි.

    මෙම කර්තව්‍යය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ගත් ඒකමතික තිරණය අනුව

    කථානායක , සභානායක , ආණ්ඩු පාර්ශ‍්වයේ ප්‍රධාන සංවිධායක සහ විරුද්ධ පාර්ශ්වයේ නායක ඇතුළු සියලු පක්ෂ නායකයින්ගේ ආශිර්වාදය මත සිදුකෙරෙන සද් කාර්යයක් බවද, නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

    මේ සඳහා කිසිදු පැකිලීමකින් තොරව අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය මගින් ලබා දිම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තිරණය කිරීම සුවිශේෂී කරුණක් බවද, වේත්‍රධාරිවරයා සදහන් කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya