ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ පිටුදැකීමට විද්‍යාත්මක පදනමකින් යුතු වැඩපිළිවෙලක් සඳහා මැදිහත්වීම අවශ්‍යයි

    දෙසැම්බර් 02, 2022

    වර්තමානයේ ඇතිවී තිබෙන මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ සම්බන්ධ ගැටලුව මෙරට ලොකු කුඩා සෑම අයකුම ගොදුරු කරගන්නා අතිශය බරපතල ගැටලුවක් බවට පත්වී ඇති බවත්, එයට විරුද්ධව ක්‍රියාමාර්ග හා මෙහෙයුම් දියත්කර එය සාර්ථක කරගැනීම අවිවාදාත්මකව පිළිගතයුතු බවත්, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

    වෝටර්ස් එජ්හි (01) පැවති මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ සම්බන්ධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය වෙත සුභපැතුම් පණිවිඩයක් එක්කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ පිටුදැකීම සඳහා විද්‍යාත්මක පදනමකින් යුතුව වැඩපිළිවෙලක් සඳහා මැදිහත්වීමේ අවශ්‍යතාවක් මතුවී තිබෙන බවත්, අමාත්‍යවරයා වශයෙන් තමන් ලබාදිය යුතු සෑම උපකාරයක්ම ඕනෑම මොහොතකදී මත් ද්‍රව්‍ය පිටුදැකීම වෙනුවෙන් ලබාදීමට සූදානම් බවත්ය.

    මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා අදහස් දක්වමින් පැවසුවේ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ ගැටලුව නැවැත්වීම සඳහා ආරක්ෂක අංශයේ ක්‍රියාකාරීත්වය, දැනුම්වත්කිරීමේ ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතයෙන් වැළැක්වීමේ ක්‍රියාමාර්ග හා පුනරුත්ථාපන සේවා යන සියල්ල එකම අයුරින් සිදුවිය යුතු බවත්, ඉදිරියේදී ඒ සම්බන්ධ ගතහැකි සියලු ක්‍රියාමාර්ග දැඩිලෙස අනුගමනය කරන බවත්ය.
    එහිදී ලේකම්වරයා නාවිකහමුදාව මත්ද්‍රව්‍ය මෙහෙයුම් සිදුකිරීම හා එහි ප්‍රශස්ත මට්ටම අගය කරමින් ඔවුන් නිරන්තරයෙන්ම ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තුතිය පළකළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya