ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    කිසි තෙරුමක් නැති සහ විනයක් නැති කතා හේතුවෙන් පාර්ලිමේන්තුවේ කාලය නාස්ති වෙනවා- කතානායක

    දෙසැම්බර් 02, 2022

    කිසි තෙරුමක් නැති සහ විනයක් නැති කතා හේතුවෙන් පාර්ලිමේන්තුවේ කාලය නාස්ති වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

    කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (02) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පාර්ලිමේන්තුවේ කාලය කළමනාකරණය කර ගැනීම පිළිබඳව මතුව තිබෙන ගැටළු කීපයක් ගැන කතානායකවරයාගේ අවධානයට ලක් කිරීමෙන් අනතුරුව එයට ප්‍රතිචාර දක්වමිනි.

    මෙම අඩුපාඩුව දෙපැත්තෙන් ම සිදුවන බවත්, කතානායකවරයා පැවසිය .එහිදී නැඟී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, කාලය කළමනාකරණය කිරීමෙ වගකීම තිබෙන්නේ මූලාසනයට බවය.

    බලහත්කාරයෙන් නැගිට කතා කිරීමට උත්සහ කරන බවද එය නැවැත්වීමට කටයුතු නොකිරීම ඉතාම කණගාටුවට කාරණයක් බවද කී කතානායකවරයා, ''ඔබගේ කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නොවේ. ඔබගේ වගකීම'' යැයි ද එයට ප්‍රතිචාර දැක්වූ කතානායකවරයා සඳහන් කළේ ය.

    විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු හැසිරෙන ආකාරය ඉතාම අශෝභන බවද කතානායකවරයා පැවසීය.

    මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තිබෙන්නේ කතාකිරීමට බව පෙන්වා දුන් කතානායකවරයා, කිසිම විනයක් නොමැතිව බොහෝ දේ ගැන කතාකරන බවත් කිසි තේරුම නැති වෙනත් දේවල කතාකරන නිසා කාලය නාස්තිවන බවද කතානායකවරයා පෙන්වා දුන්නේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya