2023 අයවැයෙහි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශ වැය ශිර්ෂය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එසේ වුවද වරායට විශාල වියදම් ප්‍රමාණයක් යෙදවීමට ඇති බවත්, නැගෙනහිර පර්යන්තය ගොඩනැගීමේ කාර්යය සඳහා ඇමෙරිකා ඩොලර් 480ක් පමණ අවශ්‍ය වන බවත්, නැගෙනහිර පර්යන්තය රජය සතුවම තබාගෙන වැඩිදියුණු කරන මෙන් වරාය වෘත්තිය සමිති ඉල්ලු බවත්, වත්මන් ආණ්ඩුවේ මතය වී ඇත්තේද එයම බැවින් මේ වන විට නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකාව සතුවම තබාගනිමින් වැඩිදියුණු කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.
කොළඹ වරායට අමතරව ගාලු වරාය සංචාරක වරායක් වශයන් දියුණු කිරීම වෙනුවෙන් යොට් යාත්‍රා සහ මගී යාත්‍රා ආකර්ශනය කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, එයට සම්බන්ධ වන ලෙස ආයෝජකයන්ගෙන් මේ වන විට ඉල්ලීමක් කර ඇති බවත්, මේ වන විට ආයෝජකයන් තිදෙනෙකුගේ ඉල්ලීම් ලැබී ඇති බවත්, රජයේ ටෙන්ඩර් පටිපාටියට අනුව එය ලබාදිය යුතු වන්නේ කාටදැයි තීරණය කිරීමට සාකච්ඡා කරමින් ඇති බවත්, අමාත්‍යවරයා පැවසිය.
ලබන වසර වන විට එහි කටයුතුද පටන් ගැනීමට හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මෙරටින් විදේශ රටවලට යවන ඛණිජ වැලි අමුද්‍රව්‍ය ලෙස පැටවීමක් නොකොට එයට අගය එකතුකිරීමෙන් අනතුරුව විදෙස් රටවලට අපනයනය කළ යුතු යැයි ප්‍රතිපත්තිය ආණ්ඩුව විසින් ගෙන ඇති බැවින් ත්‍රිකුණාමලය වරාය අවට ඉඩම් කීපයක්ම එම කර්මාන්ත සඳහා අගය එකතු කිරීමේ කටයුතුවලට දැනටමත් ලබා දී ඇති බවත්, ත්‍රිකුණාමලය වරාය කර්මාන්ත පුරවරයක් සහිත වරායක් බවට පත්කිරීමට සියලු කටයුතු යොදා ඇති බවත්, නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.
කන්කසන්තුරේ වරායේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාවෙන් සහනදායී ක්‍රමය යටතේ ඇමරිකන් ඩොලර් මිලියන 45ක් ලබාදී ඇති බවත්, ඒ අනුව එහි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇති බවත්, එහිදී දියකඩනයක් ඇතුලු විවිධ අවශ්‍යතා රාශියක් ඇති කිරීමට සියල්ල සූදානම් කර ඇති බවත්, නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා පැවසීය. ඉදිරියේදී කොළඹ වරාය බහලුම් පර්යන්ත සඳහා පමණක් නොව මගී යාත්‍රාද පැමිණෙන වරායක් බවට පත්වනු ඇති බවත්, එය ඉතා සුභදායක ආරංචියක් බවත්, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම නැව් සඳහා ඉන්ධන සැපයීමේ ප්‍රමාණය ටොන් 45000ක් පමණක් මේ වන තෙක් තිබුනද එය ටොන් ලක්ෂයක් දක්වා වරඩි කිරීමට පෞද්ගලික අංශයේ ආයෝජන ඉල්ලා ඇති බවත්, එමගින් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ලබාගත හැකි බවත්, එම වැඩකටයුතු ලබන වසරේ පෙබරවාරි වන විට මෙය ආරම්භ කළ හැකි බවත්, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා පැවසීය.