අද (2) සංචාරක අමාත්‍යංශයේ වැය ශිර්ෂය පිළීබඳ විවාදයට එක්වෙිමන් අමාතයවරිය මේ බව සඳහන් කළාය.
දවල් ආර්ථිකයෙන් රටට ලැබෙන්නේ 30%ක පමණ ආදායමක් බවත් රාත්‍රී ආර්ථිකයෙන් 70% මුදලක් මෙරට ආර්ථිකයට ලැබෙන බවද ඇය සඳහන් කළාය.
මම හැමදාම කතා කරන්නේ නයිට් ලයිෆ් එක ගැන.සංචාරකයෝ මේ රටට ඇවිත් රෑ 10ට නිදාගත්තොත් ඔවුන්ගෙන් මුදල් ලබා ගන්න ක්‍රමයක් නැහැ. මේ රටට කියන්නේ සංචාරක පාරාදීසය කියලා. ඇත්තටම් මේ දේවල් මේ රටේ ඇරල තියන්න ඕන දේවල්.සුරාබදු වලින් තමයි මෙරටට වැඩිම ආදායම් බදු ලැබෙන්නේ. ඒත් අද රැ 11න් පස්සේ බාර් ටික වහලා. එතකොට අපි කොහොමද සංචාරකයන්ගේ මුදල් ටික ගන්නේ?අපි මේවා ඇරලා තියන්න ඕන.බොන්න කන්න විනෝද වෙන්න, සිංදු අහන්න අද ගොඩක් රටවල් දියුණු වෙලා තියෙන්නේ රාත්‍රී ආර්ථිකයෙන් . කෞතුකාගාරය සවස 5.00ට වහනවා. කෞතුකාගාර ඇරලා තියන්නඔින.
මෙරටට පැමිණෙන කාන්තා සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වග කිව යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයි සඳහන් කළාය. සංචාරකයින්ගෙන් එක් එක් මුදල් අය කර ගැනීම් සම්බන්ධයෙන්ද පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරිය මෙම ක්‍රමය නියාමනය කර සංචාරකයින් සදහා පැකේජ හඳුන්වා දිය යුතු බවද සඳහන් කළාය.
ග්‍රීසිය කියන්නේ අපි වගේ ආර්ථික අර්බුදයට ලක් වූ රටක්,අද ලෝකයේ වැඩිම ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් හදල් තිබෙන්නේ ග්‍රීසියේ, ඔවුන් වෙනස් විදියකට සිතා සංචාරක කර්මාන්තය දියුණු කර තිබෙනවා.
රජය සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විශාල වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් සංචාරක කර්මාන්තය නැවත ගොඩ නැගිමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.