ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    විශ්වවිද්‍යාලවලට තේරී පත්වීමට අවශ්‍ය Z ලකුණු නිකුත් කෙරේ - මෙවර සිසුන් 44,000 කට විශ්ව විද්‍යාල ප්‍රවේශ වරම්

    දෙසැම්බර් 02, 2022

    විශ්ව විද්‍යාලවලට තේරී පත්වීමට අවශ්‍ය Z ලකුණු නිකුත් කිරීමත් සමඟ මෙවර සිසුන් 44,000 කට විශ්ව විද්‍යාල ප්‍රවේශ වරම් හිමිවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    විශ්ව විද්‍යාලවලට තේරී පත්වීමට අවශ්‍ය Z ලකුණු නිකුත් අද (02) පස්වරු 1.00 ට අන්තර්ජාලයට නිකුත් කෙරිණි. ඒ අනුව, www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන්, 011- 695301/011-695302/011-2692357/011-2675854 දුරකථන ඔස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තොරතුරු මධ්‍යස්ථානය ඇමතීමෙන් හෝ රාජ්‍ය සේවා තොරතුරු කේන්ද්‍රය වෙත SMS පණිවුඩයක් ugc<space><index >ලෙස සටහන් කර 1919 වෙත යැවීම මඟින් තමන් තේරී පත්ව ඇති විශ්වවිද්‍යාලය සහ හදාරන පාඨමාලාව කුමක්ද යන්න පිළිබඳව පිරික්සිය හැකිය.

    වෙනත් වසරවල උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු බොහෝ ප්‍රමාද වී කඩඉම් ලකුණු නිකුත් වන නමුත්, මෙවර පවතින සියලු ගැටළු මධ්‍යයේ සිදු වූ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින් ප්‍රතිඵල නිකුත්ව මාස 02 ක් ඇතුළත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අප්‍රහිත ධෛර්යයෙන් යුතුව දරුවනට විශ්ව විද්‍යාලවලට තේරී පත්වීමට අවශ්‍ය කඩඉම් ලකුණු දැනගැනීමට හැකියාව ලැබෙන බව හෙතෙම සඳහන් කළේය.

    එමඟින් දරුවන්ගේ ලියාපදිංචියත්, නව අධ්‍යයයන වර්ෂයේ ආරම්භයත් ඉතාම ඉක්මණින් සිදු කෙරෙනු ඇති බවත්, මිට පෙර වසරා වල දරුවන් 30,000 ක් පමණ දරුවන් විශ්ව විද්‍යාල සඳහා තේරී පත් වූ නමුත් මෙවර 44,000ට පමණ අවස්ථාව ලැබෙන බවත්, උසස් අධ්‍යාපන වරම්මෙවැනි සුවිශේෂී මට්ටමකින් වැඩිවන ප්‍රථම අවස්ථාව වන බවත් හෙතෙම අවධාරණය කළේය.

    ජෛව විද්‍යා, භෞතික විද්‍යා, වාණිජ, කලා, ඉංජිනේරු තාක්ෂණ වේදය, ජෛව පද්ධති තාක්ෂණ වේදය වැනි තවත් මෙරට අධ්‍යන කටයුතු සිදු කරන උපාධි පාඨමාලා සඳහා මෙම දරුවන් බඳවා ගැනීමට කටයුතු කරනු ලැබේ.

    එමෙන්ම, උසස් අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමේ සැළසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ මේ දක්වා නොතිබූ නව අධ්‍යයන පාඨමාලා හතරක් ද හඳුන්වා දෙනු ලැබේ. එනම්, මුල්‍ය ආර්ථික ව්ද්‍යාව - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ඉංග්‍රීසි භාෂාව සහ ව්‍යවහාරික වාග් විද්‍යාව - ඌව වෙල්ලස්ස විද්‍යාලය, බැංකුකරණය සහ රක්ෂණය - වවුනියාව ව්ශ්ව විද්‍යාලය සහ නිර්මාණාත්මක සංගීත තාක්‍ෂණය සහ නිෂ්පාදනය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යනුවෙන් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහා පරිගණක විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සහ තොරතුරු පද්ධති යනුවෙන් වන අධ්‍යයන පාඨමාලා වේ.

    මෙම වසර තුනක කාලය තුළ ලංකාවේ උසස් අධ්‍යාපනයේ පුළුල් වීම කෙතරම් ද යත්, නව පීට 13ක්, නව අධ්‍යන අංශ 43 ක්, ප්‍රථම උපාධි 65ක්, නව පශ්චාත් උපාධි 90ක් වශයෙන් හඳුන්වා දී තිබේ.

    මෙරට කුමන ආර්ථික තත්ත්වයක දී වුවත් මෙතරම් විශාල ප්‍රසාරණයක් උසස් අධ්‍යාපනයේ සිදුව නොමැති බවත්, කුමන තත්වයක දී වුවත් දරුවන්ට ලැබෙන අවස්ථාවන් ලැබීම රටක් වශයෙන් සතුටු විය හැකි කරුණක් බවත් හෙතෙම මෙහි දී වදිදුරටැහැ ප්‍රකාශ කළේය.

    මේ සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජ්‍ය ලේකම් (විශ්ව විද්‍යාල ප්‍රවේශ) ශාලිකා ආරියරත්න මහත්මිය ද සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya