ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    සුළු කර්මාන්තකරුවන්ට නිදහසේ තම කර්මාන්තයේ නියැළීමට අවස්ථාව ලබා දෙන්න

    දෙසැම්බර් 02, 2022

    සුළු කර්මාන්තකරුවන්ට නිදහසේ තම කර්මාන්තයේ නියැළීමට අවස්ථාව ලබා දෙන්නැයි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අද(2)  පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පරිසර අමාත්‍යාංශය,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ, සහ සංචාරක යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    උණ බට, වේවැල් වැනි කර්මාන්තයන්හි නියැළි පුද්ගලයන්ට එම කටයුතු නිදහෙස් කර ගැනීමට නොහැකි වී ඇතත් අදාළ ගැසට් නිවේදන නිකුත් කර එම කර්මාන්තරුවන් රැකීමට නම්‍යශීලී ලෙස කටයුතු කරන්නැයිද හෙතෙම ඉල්ලා සිටියේය.

    වේ වැල් කර්මාන්තයේ සහ බට කර්මාන්තයේ නියැළි පුද්ගලයන්ට නිලධාරින්ගෙන් එල්ල වන බාධා හමුවේ, අදාළ ගැසට් නිවේදන නිකුත් කළ යුුතු බවද කීය. වේ වැල් සහ බට කර්මාන්තයේ නියැලුණු පිරිස් වලට එවැනි අසාධාරණයක් වුවොත් තමා ඒ සඳහා පෞද්ගලිකව මැදිහත් වෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය. පටු එන් ජී ඕ කාරයන් නිසා මෙරටට සංචාරකයින් පැමිණීම සීමා වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya