2023 අයවැයෙහි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශ වැය ශිර්ෂය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා අධික ණය මුදලක් ගෙවීමට සිදුවී ඇති බවත්, දිනෙන් දින මෙම ණය ප්‍රමාණය වැඩිවන බවත්, එයාර් ලයින් ආයතනයක ලබාගත හැකි ලාභය සීමා සහිත බවත්, ඒ අනුව සේවක අයිතිවාසිකම්වලට මුල්තැන දෙමින් මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.
යෝජිත ප්‍රතිව්‍යුහගතකිරීම සිදුකරන්නේ කෙසේද කුමන අන්දමකින්ද යන්න මාධ්‍ය විමසු විට අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනයේ බිම් හැසිරවීමෙන් 49%ක් මුලින්ම පෞද්ගලික අංශයට ලබාදී ඉන් අනතුරුව සමස්ත ක්‍රියාකාරිත්වයෙන් 49%ක් සාර්ථකත්වය මත පෞද්ගලික අංශයට ලබාදියයුතු යැයි තම යෝජනාව වූ බවත්, මේ සම්බන්ධ ක්‍රියා කිරීමට ජනාධිපතිවරයා මහ භාණ්ඩාගාරයට යොමු කළ බවත්, මහ භාණ්ඩාගාරය විසින් ඒ සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත් කර ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය. තවමත් මේ සම්බන්ධව අවසානාත්මක තීරණයකට පැමිණ නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.