ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ ඉහළ ප්‍රවණතාවයක්

    දෙසැම්බර් 02, 2022

    කොළඹ වරාය මගී නෞවුකා පැමිණෙන  සංචාරකයින් ආකර්ශනය වන වරායක් බවට පරිවර්තනය වෙමින් පවතින බවත්, ලංකාව පිළිබඳ ඇතැම් පාර්ශව විසින් වැරදි චිත්‍රයක් මැවීමට ගනු ලබන උත්සාහය පරාජයට පත්කරමින් ලංකාවට සංචාරකයින් පැමිණීමට පටන් ගෙන තිබෙන බවත් වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (02) කොළඹදී පැවසීය.

     

    රජය විසින් ඉදිරිපත් කළ 2023 වසර සඳහා වූ අයවැය සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයට අදාළව කරුණු දැක්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ ඇමතිවරයා මෙසේද පැවසීය.

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ කන්ටේනර් ගෙනත් ඒවා බෙදා හැරීමයි.  2021 වසරේ කන්ටේනර් මිලියන හයක් මෙහෙයුම් සිදුකර තිබෙනවා. 2022 වසරේ එය මිලියන 5.7ක් බවට පත්වෙලා තියෙනවා. කාගෝ ප්‍රමාණය මිලියන 10 සිට 7 දක්වා අඩුවීමක් වෙලා තියෙනවා.  මූල්‍ය වශයෙන් කොළඹ වරායේ ආදායම මිලියන 72කි. සමත්ත මෙහෙයුම් ආදායම බිලියන 39 වෙනවා. පසුගිය වසරේ එය බිලියන 15.8ක් විතර තිබුනේ. නැගෙනහිර ජැටිය සංවර්ධනයට මුදල් අවශ්‍ය වෙනවා. වරාය වෘත්තීය සමිතිවල ඉල්ලීම වුණෙත් නැගෙනහිර පර්යන්තය අපට තියාගෙන සංවර්ධනය කරන්න. අපි එය පෞද්ගලිකරණය කරන්නේ නැහැ කියන ස්ථාවරයේ ඉන්නවා.  අදානි සමාගම ඩොලර් මිලියන 7800ක් යොදවලා බටහිර ජැටිය සංවර්ධනය කරනවා.  කන්ටේනර් මෙහෙයුම් මිලියන 6 සිට 15 දක්වා වැඩිකිරීම තමයි අපේ ඉලක්කය වෙලා තියෙන්නෙ. ඒක තමා අපේ මාර්ග සිතියම.  අපි දැන් ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස ගොඩනැගීම සඳහා ආයෝජකයින්ට ආරාධනා කරලා තියෙනවා. දැනටමත් කිහිපදෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා.  එහි වැඩකටයුතු ලබන වසරේ ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒවගේම ත්‍රීකුණාමලය වරාය ලංකාවේ ඛණිජ වැලි පිටරට යවන වරාය ලෙස වැඩිදියුණු කිරීම ආරම්භ කරලා තියෙනවා.

    ඛණිජ වැලි සම්පත අගය එකතු කර පැටවිය යුතුයි. මේ සඳහා වරාය අවට ඉඩම් කිහිපයක් අගය එකතු කිරීම සඳහා අපි යොදාගෙන තියෙනවා. කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම කරගෙන යනවා.

    කොළඹ වරායට ඊයේ පෙරේදාත් මගී ප්‍රවාහන නෞකාවක් පැමිණියා.  එය සංචාරකයින් රැගත් මගී නෞකාවක්  වන තැනක් බවට පරිවර්තනය  වී ගෙන එනවා. එය හොද ප්‍රවනතාවයක්. ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීමට විවිධ ප්‍රචාර ගියා.  ලංකාවේ මිනිස්සු හාමතේ මැරෙනවා වැනි බොරු ප්‍රචාර ගෙන ගියත් ලංකාවට ඇවිත් ගිය සංචාරකයින් ලංකාවේ සත්‍ය තත්ත්වය කුමක්ද කියල ලෝකයට ඇත්ත ප්‍රකාශ කිරීමට පටන් අරගෙන තියෙනවා. එම නිසා සංචාරක ආකාර්ශනය අපට දිනා ගැනීමට හැකිවෙලා තියෙනවා. නැව් වලට අවශ්‍ය සේවාවන් සපයන්න වරායේ තිබුණු තෙල් ගබඩා කිරීමේ පහසුකම් ටොන් ලක්ෂය දක්වා ඉහළ නන්වන්න අපි පියවර ගනිමින් ඉන්නවා.  පෙබරවාරි වෙන කොට එහි කටයුතු පටන් ගන්න පුළුවන්. ඒ සඳහා පෞද්ගලික අංශයට ආරාධනා කරලා තියෙනවා.

    වරාය සේවකයින්ගේ මුළුතැන් ගේ අපි සෞඛ්‍යරක්ෂිතව අලුතින් හදලා තියෙනවා.  වරාය සේවකයින්ට සුවිශේෂී රක්ෂණ ක්‍රමයක් ලබාදීලා තියෙනවා. අනවශ්‍ය වියදම් කපා හරිමින් නව ආයෝජන  ලබා ගැනීමේ ක්‍රියාවලියක අපි යෙදිලා ඉන්නවා.  වරාය හරිත වරායක් බවට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    ගෙවී ගිය 2021 වර්ෂයට වඩා මේ වර්ෂයේ නාවිකයින් සේවයේ යෙදවීම සහ ඉංජිනේරු සහතිකය ලබාදීම යන කටයුතු අපි වැඩිකරලා තියෙනවා. ආධුනික නාවිකයින් පුහුණු කිරීමේ කටයුතු වේගවත් කර දේශීය හා විදේශීය අවශ්‍යතා අනුව ඔවුන් සේවයේ යෙදවීමට පියවර ගනිමින් සිටිනවා. නාවිකයින් සඳහා විශාල ඉල්ලුමක් ලෝකයේ ම තියෙනවා.

    අපේ නැව් සංස්ථාවට තියෙන්නේ නැව් දෙකයි. ඒක යොදා ගන්නේ ගල් අගුරු මෙරටට ගෙන ඒම සඳහායි. අලුත් ව්‍යාපෘති පටන් ගන්න ඇ.ඩො.මි. 12 අපට ලැබිලා තියෙනවා.  අපේ නැව් සංඛාව හතරක් හෝ පහක් දක්වා වැඩිකර ගත යුතුයි.

    කටනායක ගුවන් තොටුපොළින් ලැබෙන ලාභය රත්මලානට හා මත්තල ගුවන් තොටුපොළවල් වලට වියදම් වෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයිතිය තියෙන ගුවන් යානා එකක්වත් නෑ. ගුවන් යානා විසි හතරම ලීස් කරලා අරගෙන තියෙන්නෙ. ඩොලර් බිලියනයක් අපට ණය ගෙවන්න වෙලා තියෙනවා.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya