ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    කොළඹට ගෙනා බණ්ඩි පොහොර තොගය ගොඩ බෑම අද සිට

    දෙසැම්බර් 03, 2022

    එක්සත් ජාතින්ගේ ආහාර හා කාෂිකර්ම සංවිධානය මෙරට දිස්ත්‍රික්ක 08 අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබා දීමටනියමිත යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9000ක ප්‍රමාණයක් රැගත් නෞකාව (02) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

     

    මෙවර මහ කන්නයට වී වගාව සඳහා අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන බණ්ඩි පොහොර Miuriate of Potash (MOP) මෙට්‍රික්ටොන් 41,876ක් රැගත් නෞකාව කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    එම බණ්ඩි පොහොර තොගය ගොඩ බෑම (03) පස්වරුවේ සිට සිදු කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දඅමරවීර මහතා කළ විමසීමක දී කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.

    මෙම යුරියා පොහොර ‌ තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම 05 වැනි දින කොළඹ වරායේ දී සිදු කෙරේ.එම අවස්ථාවට මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිත Hannah Singer මහත්මිය හා එක්සත්ජාතින්ගේ ආහාර හා කාෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන මහත්ම මහත්මීන් සහභාගී වීමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya