ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    උපතේදී ම දරුවන්ගේ ඌනතා සහ ආබාධ හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආයතනයක් - සභානායක පාර්ලිමේන්තුවේ දී කියයි

    දෙසැම්බර් 03, 2022

    උපතේදී ම දරුවන්ගේ ඌනතා සහ ආබාධ හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇතැයි සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    අද (03) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ සභානායකවරයා පැවසුවේ, වර්ෂයකට උපදින දරුවන් අතුරින් දරුවන් 8000ත් 10,000ත් අතර ප්‍රමාණයක් උපතින්ම විවිධ ආබාධවලට ගොදුරු වන බවයි.

    ''අද ලෝකයේ ආබාධිතයින් සඳහා වෙන් වූ දිනය ලෙස සැළකෙනවා.දරුවන් ඉපදුණු ගමන් ඔවුන්ගේ අඩුපාඩු සහ ආබාධ හඳුනාගැනීමේ ක්‍රමයක් මේ රටේ නැහැ. වැඩි දැනුමක් නොමැති දෙමව්පියන් දරුවන්ගේ අඩුපාඩු හඳුනාගන්නේ බොහෝ කල් ගතවුණාට පස්සේ. ඕස්ට්‍රේලියාව වැනි රටවල Cochlear implant වැනි ආබාධ සඳහා උපතේ සිටම ප්‍රතිකාර කරනවා. බන්දුල ගුණවර්ධන මහත්මයා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේදී වෙනිවැල් කොළ සම්භාහන මධ්‍යස්ථානයක් පවා හැදුවා. රට පුරා මධ්‍යස්ථාන 26ක් තියෙනවා. එය වැඩි කරන්න ඕන'' යැයි ද සභානායකවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya