අද (03) එම අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඉදිරියේ දී එම නියෝජිත ආයතන සහ ඒජන්තවරු නියාමනය කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට එවැනි ආයතන 400ක් තහනම් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය. ඉදිරියේදී එම ආයතන සඳහා ලයිසන් ලබා දෙන්නේ දැඩි අධීක්ෂණයක් සිදු කිරීමෙන් පසුව බවද හෙතෙම සඳහන් කළේය. සම්මුඛ පර්යේෂණයක් පවත්වා එම ආයතන වසරක් තිස්සේ අධීක්ෂණය කර නව බලපත් ලබා දීම සිදු වේ. උණ්ඩියල් ක්‍රමයට මුදල් ගෙනා ආයතන රැසක් මේ වන විට තහනම් කර තිබේ.
එළඹෙන මාර්තු 31පසුව විදෙස් ගතවන කාන්තාවන් උසස් වෘත්තීය මට්ටමකින් යුත් සාත්තු සේවිකාවන් විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
ලබන මාර්තු 31 පස්සේ විදෙස්ගත වන්නේ සාමාන්‍යය ගෘහ සේවිකාවක් වශයෙන් නොවේ. විදේශ ගමන් බලපත්‍රය සමග එම කාන්තාවන්ගේ සුදුසුකම් ලේඛනයක්ද යවනවා. සංචාරක බපලත් මගින් විදෙස් ගත වී වෙනත් රැකියාවන්හි නිරත වීමද , නියාමනය කිරීමට කටයුතු කරන බවද මනූෂ නානායක්කාර මහතා පැවසීය.