ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන මුදල් රාජ්‍ය ඇමති කරුණු පැහැදිළි කරයි

    දෙසැම්බර් 04, 2022

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කරුණු පැහැදිළි කිරීමක් සිදු කර තිබේ.

     

    එය මෙසේ ය.

    ''රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු පෞද්ගලීකරණය කිරීමක් නොවන බවත්, ආයතනයෙන් ආයතනය විද්වත් කමිටුවක් මගින් විශේෂ විශ්ලේෂනයකට භාජනය කොට රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මෙන්ම සේවකයන් වෙනුවෙන් අවශ්‍ය වෙනස් කම් සිදු කිරීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද උදෑසන රුවන්වැල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.


    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විවිධ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී විවිධ කොටස් ඇති බවත්, එය ආයතනයෙන් ආයතනයට විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය හැකි බවත් විස්තර කරමින් පැවසීය.
    එමෙන්ම අමාත්‍යවරයා එහිදී පැවසූයේ ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කෙරෙන ආයතන සියල්ලම පාහේ මූලික ප්‍රාග්ධන හා කාරක ප්‍රාග්ධන ඌනතාවයකින් පෙලෙන බවත්, එයට ශක්තිය ලබාදීම මෙහි එක් අරමුණක් බවයි. එමෙන්ම ලෝකයේ ඇති නවීන තාක්ෂණය පිළිබඳ ගැටළු, වඩාත් හොඳ කළමණාකරණයක් ලබාදීම, ඒ තුළින් නිෂ්පාදන වියදම අඩුකර ගැනීම ඇතුළු කරුණු රැසක් ඉටුකරගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya