ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් අනුකමිටුවක්

    දෙසැම්බර් 04, 2022

    නියාමනයක් සහිතව ජාතිත ප්‍රතිපත්ති නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සදහා ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් අනුකමිටුවක් පත් කිරීමට පසුගියදා (01) පැවති කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී තීරණය විය.

    එසේම මෙහි අනෙකුත් සාමාජිකයන් ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායදුන්න යන මහත්වරුන් මෙන්ම මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අදාළ ආයතනවල නියෝජිතයන් පත් කිරීමට මෙහිදී කටයුතු කෙරිණි. .

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (01) රැස්වූ මෙම කාරක සභාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රියන්ත මායාදුන්න යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

    ප්‍රතිපත්ති ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම අධීක්ෂණය සදහා ස්වාධීන වූ ආයතනයක් ලෙස පනතක් මගින් මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අපේක්ෂා කරන බවත් එහි මූලික සැලසුම් ජනවාරි මස මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අනුකමිටු සභාපති ගරු නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

    මෙහිදී අදහස් දක්වමින් නිලධාරීහු පෙන්වා දුන්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෙන්ම නියාමනයට හා අධීක්ෂණයට අවශ්‍ය පූර්ණ නෛතික බලය මෙම කොමිෂන් සභාවට ලබා දිය යුතු බවයි. මෙවැනි ස්වාධීන ආයතනයක් ඔස්සේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සාර්ථකවූ ලොව අන් රටවල ආකෘතීන්ද අධ්‍යයනයට ලක් කරමින් මෙම සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡා විය.

    රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ඒ .එල්. එම් අතාවුල්ලා යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya