කර්මාන්ත අමාත්‍යාංශය , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය , පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව හා එක්ව පළාත් කර්මාන්ත හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තු නමයෙහි මූලිකත්වයෙන් 2022 වර්ෂය සදහා සිදුකෙරුණු ජාතික තරඟයේ ජයග්‍රහණය කරනු ලැබූ රෙදිපිළි නිර්මාණ එක්තැන් කරමින් මෙය සංවිධානය කොට තිබුණු අතර, ප්‍රදර්ශන භූමිය තුළ ප්‍රදර්ශන කුටි 34 ක් අත්යන්ත්‍ර රෙදිපිළි ආශ්‍රිත ව්‍යවසායකයින් සඳහාද වෙන්කොට තිබීමද විශේෂත්වයක් විය.
අත් යන්ත්‍ර හා දේශීය රෙදිපිළි කර්මාන්තය වෙනුවෙන් මෙවැනි ජාතික තරග හා ප්‍රදර්ශන අවස්ථාවන් සංවිධානය කිරීම තුළින් වෙළෙඳපොළ ඉලක්ක කොටගත් නිර්මානකරණය වැඩි දියුණු වීම ,නව නිපැයුම් රටට හඳුන්වා දීමට හැකිවීම , නවීන තාක්ෂණය හා මෝස්තර නිර්මාණ හඳුන්වාදීම , තරඟකාරීත්වය තුළින් ගුණාත්මක නිර්මාණ බිහිකිරීමට අවශ්‍ය පරිසරය සැකසීම , වියැකී යන පාරම්පරික ශීල්පීය ක්‍රම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පසුබිම සැලසීම මෙන්ම අත්යන්ත්‍ර නිෂ්පාදකයින් සහ ව්‍යවසායකයින් සඳහා වෙළෙඳපොළ අවස්ථාවන් නිර්මාණය වීම සිදුවෙයි.
මේ වනවිට දේශීය රෙදිපිළි කර්මාන්ත ප්‍රවර්ධනයේදී මෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිතවද අත් යන්ත්‍ර හා දේශීය රෙදිපිළි ක්ෂේත්‍රය වෙනුවෙන් නව වෙළෙඳපොළ අවස්ථාවන් නිර්මාණ වී තිබෙන බැවින් ඒ වෙනුවෙන්ද කර්මාන්ත අමාත්‍යංශය වැඩි අවධානයක් යොමුකොට තිබෙයි.
මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, අතිරේක ලේකම්වරුන් , කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වන ආයතන ප්‍රධානීන් සහ සභාපතිවරුන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.