මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook

    දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරීමට දායකත්වය දැක්වු මාධ්‍යවේදීන් සම්මානයට පාත්‍රවේ

    දෙසැම්බර් 05, 2022

    දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරීම සදහා සමාජය දැනුවත් කිරීමට විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයන් ඔස්සේ දායකත්වය දක්වන මාධ්‍යවේදීන් වාර්ෂිකව ඇගයීමේ නිදහස් අරගලය- මතින් තොර දේශයක් "2022" මාධ්‍යවේදීන් ඇගයීම් උළෙල දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය මගින් (02) රාත්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.

    දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පවත්වනු ලැබීය.

    2020 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ තෙවන වරටය.

    2022 වර්ෂයේ දී විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් සමාජ මෙහෙවරක් සිදුකරනු ලැබු මාධ්‍යවේදීන්ගේ ලිපි, වාර්තා වැඩසටහන්, වැඩසටහන් ස්වාධීන විද්වත් මණ්ඩලයක් මගින් අධීක්ෂණය කර තෝරා ගනු ලැබීය.
    මෙවර සම්මාන උලෙළෙදී ගුවන් විදුලි නාලිකා සිදුකල මාධ්‍ය මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලක්හඩ ගුවන් විදුලිය, වී එෆ්.එම් සම්මාන ලබාගත් අතර වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ගත් වැඩසටහන ලෙස ලක්හඩ ගුවන් විදුලියේ එම්.රනිල් ද කොස්තා මහතාගේ “වෙඩිල්ල” වැඩසටහන විශේෂ සම්මානයට පාත්‍ර විය.

    රූපවාහිනී නාලිකා සිදු කල මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් ජාතික රූපවාහිනය, ස්වාධීන රූපවාහිනය, සියත ටීවී, දෙරණ, හිරු ටීවී, ස්වර්ණවාහිණිය, සිරස ටීවී, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සම්මාන ලබාගත් අතර වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ගත් වැඩසටහන ලෙස සිරස ටීවී නාලිකාවේ ධර්ම ශ්‍රී ඒකනායක මහතාගේ “සිතිජය” වැඩසටහන විශේෂ සම්මානයට පාත්‍ර විය.

    මුද්‍රිත මාධ්‍ය සදහා සම්මාන පිරිනැමීමේ දී සිංහල මාධ්‍ය වෙනුවෙන් ජාතික පුවත්පත් වල පල වු ලිපි අතරින් "දිනමිණ" පුවත්පතේ ඉන්දික පොල්කොටුව මහතා මෙවර ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් එදින (මැයි 31) දිනමිණ පුවත්පතට "අපේ රටේ සල්ලි පිටරට යන ප්‍රධාන ක්‍රමය දුම්වැටියැයි " යන ශීර්ෂ පාඨය ඔස්සේ ලියන ලද විශේෂාංග ලිපිය විශේෂ සම්මානයට පාත්‍ර විය. දමිළ මාධ්‍ය වෙනුවෙන් ජාතික පුවත්පත් වල පළවු ලිපි අතුරින් වීරකේසරී පුවත්පතේ ආර්. රාම් කුමාර් මහතාත්, ඉංශ්‍රීසි මාධ්‍ය වෙනුවෙන් ද මෝර්නින් පුවත්පතේ වෙනෙසා ඇන්තනී මෙනෙවිය ද විශේෂ සම්මානයට පාත්‍ර විය.
    සමාජ මාධ්‍ය මගින් කරනු ලැබු මාධ්‍ය මෙහෙවර උදෙසා විශේෂ සම්මානයක් මෙහිදී පිරිනැමුණු අතර "දසත ලංකා "මාධ්‍ය ආයතනය එම සම්මානයට පාත්‍ර විය.
    මෙම සම්මාන උලෙළෙ සදහා මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධවේදීන්, විශේෂඥ වෛද්‍යවරුන්, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya