දිළිඳු සහ විවිධ ආර්ථික පීඩන වලට පත්ව ඇති ජනතාවට වැඩි අවධානය යොමු වූ සුබසාධන හා සමාජ ආරක්ෂණය සහිත අයවැයක් මෙවර සකස් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.
“විශේෂයෙන් අපේ රටේ පවතින ආර්ථික තත්වය නිසා පීඩාවට පත් වුණ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය සහ ජිවනෝපාය යථාවත් කිරීම වෙනුවෙන් සහන සැළසීම මෙවර අයවැයෙන් අපේක්ෂා කෙරේ. සමෘද්ධි දීමනාව ලබා දීම, වැඩිහිටියන් සඳහා මූල්‍යාධාර ලබා දීම, ගර්භනී මවුවරුන්ට පෝෂණ ආහාර පැකේජය ලබා දීම, අඩු අදායම්ලාභී ආබාධිත ජනතාවට මූල්‍යාධාර ලබා දීම, වකුගඩු රෝගීන් වෙනුවෙන් මූල්‍යාධාර ලබා දීම, පෙර පාසල් දරුවන් වෙනුවෙන් උදෑසන ආහාර ලබා දීම, උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට පෝෂණ අතිරේක ලබා දීම, ත්‍රිපෝෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම මෙන්ම සැමට නොමිලේ ඖෂධ ලබා දීම ද මේ වන විටත් රජය විසින් සිදු කෙරේ.
මෙම ප්රතිලාභ ලබා ගැනීමට පොරොත්තු ලේඛණයේ සිටින පුද්ගලයන් වෙනුවෙන්ද අතුරු අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කරන ලදී.” යයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
එම වැඩසටහන් වලට අමතරව අධ්‍යාපනය වෙනුවෙන් මෙන්ම ජීවනෝපාය සහායන් ලෙස සුබසාධන වැඩසටහන් රාශියක් වෙනුවෙන් ප්‍රතිපාදන මෙවර අය වැය මඟින් වෙන් කර ඇති බව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටී.
2021 වර්ෂයේ මුල් මාස 09 තුළ දී සමාජ සුබ සාධන වැඩසටහන් වෙනුවෙන් රු. මි. 194 ක මුදලක් රජය වැය කර ඇත. ඊට සාපේක්ෂව 2022 මුල් මාස 09 ක කාලය තුළ එම වියදම රු. මි. 196 ක් දක්වා වැඩිවීමක් වේ. වර්තමානයේදී වෙන් කර ඇති ප්‍රතිපාදන වලට අමතරව සමස්ථයක් වශයෙන් රු. බි. 43 ක් 2023 වර්ෂය සඳහා වෙන් කර ඇත. මේ අතර වැඩිහිටි, විවිධ හැකියා ඇති ආබාධිත පුද්ගලයන්, අඩු ආදායම් ලබන්නන්, වැන්දඹුවන් වෙනුවෙන් රු. මි 250 ක්ද, ළමා මන්දපෝෂණය වෙනුවෙන් රු. මි. 500 ක් ද 2023 වර්ෂයේ අයවැය මඟින් වෙන් කර ඇත.
සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇති පුද්ගලයන්ගේ සහ වකුගඩු රෝගීන්ට මේ වන විට ගෙවනු ලබන දීමනා ඉදිරියටත් අඛණ්ඩව ලබා දෙනු ඇත. එමෙන්ම මෙම කාණ්ඩවල ප්රතිලාභ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛණවල සිටින පුද්ගලයන්ද ප්රතිලාභ ලැබීමට සුදුසු පුද්ගලයන් වන හෙයින් ඔවුන් වෙනුවෙන් ද මෙම අයවැය යටතේ ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනු ඇත.
දැනට ප්රතිලාභ ගෙවනු ලබන සහ ගෙවීමට සුදුසුකම් ලබන ප්‍රතිලාභීන් සම්බන්යෙන් 2002 අංක 24 දරන සුබසාධන ප්රතිලාභ ගෙවීම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු සිදු කෙරේ. මෙම සියළුම ප්රතිලාභ සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කිරීම සුබසාධක ප්රතිලාභ මණ්ඩලයක් මඟින් සිදු කෙරෙනු ඇත.
“කිසිවෙකු මඟ හැරෙන්න දෙන්න එපා” යන සංකල්පය මත මෙම මණ්ඩලය විසින් ප්රතිලාභ ඉල්ලුම්කරුවන්ගෙන් ඉල්ලුම් පත්‍ර කැඳවා අදාල තොරතුරු ජාලගත කිරීමේ කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතී. 2023 වර්ෂයේ දී ප්‍රතිලාභී ඛාණ්ඩ ප්‍රමාණය ද පෙර වසරට සාපේක්ෂව වැඩි පරාසයක් කරා විහිදී තිබේ.
මෙම යෝජිත නව වැඩපිළිවෙල යටතේ පවුල් ලක්ෂ 37ක් ප්රතිලාභ ඉල්ලුම් කර ඇත. මෙම ප්රතිලාභ ඉල්ලුම් කිරීම හා ගෙවීම් කිරීම සම්බන්ධයෙන් වන නෛතික නියෝග 2022 ඔක්තොම්බර් මස 20 වන දින ප්‍රකාශයට පත් කර ඇත. නව සුබ සාධන ප්රතිලාභ ඉල්ලුම් කිරීමේදී 100 % නිවැරදි තොරතුරු ලබා දීම ප්රතිලාභ ඉල්ලුම්කරුවන්ගේ වගකීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
ප්රතිලාභ ඉල්ලුම්පත් කැඳවා අවසන් වීමෙන් පසු, ප්‍රතිලාභීන් හඳුනා ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අදාල නිළධාරීන් විසින් සිදු කරනු ඇත. අයඳුම්කරුවන්ගේ නිවාස වෙත නිළධාරීන් ගොස් පරීක්ෂා කිරීම සහ ප්රතිලාභ ඉල්ලුම්කරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද මෙමගින් සිදු කිරීමට නියමිතයි. නව නිර්නායක යොදා ගනිමින් ප්රතිලාභ ලැබීමට සුදුසු පුද්ගලයන් නිවැරදිව හඳුනා ගැනීමේ කටයුතු 2023 ජනවාරි මස සිට ආරම්භ කිරීමට නියමිත වන අතර ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් මීට අදාලව නිලධාරීන් පුහුණු කිරීම ද මේ වන විට දීපව්‍යාප්තව සිදු කෙරේ.
දිළිඳු සහ විවිධ ආර්ථික පීඩන වලට පත්ව ඇති ජනතාව නිවැරදිව හඳුනා ගැනීමට තම රාජකාරී මට්ටමින් නිවැරදි සහ නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් නිළධාරීන් ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
“මෙම ප්රතිලාභ ලැබීමට සුදුසුකම් තහවුරු කිරීමෙන් පසු ඔවුන්ගේ නම් ඇතුළත් සමාජ ලේඛණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී සියළු දෙනාගේ සහයෝගය ලැබෙනු ඇතැයි විශ්වාස කරමි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා දී තිබෙන උපදෙස් අනුව මූල්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පහළ ආදායම් මට්ටම් ලබන ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින්, එකී ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අදහස් .” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් මෙහිදී කියා සිටී.