ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවන්න- සභානායක

    දෙසැම්බර් 05, 2022

    පාර්ලිමේන්තුවේ කමිටුවක් තුළ සිදු වූ සාකච්ඡාවක් ප්‍රස්ද්ධ පුවත් පතක මුල් පිටුවේ පළ කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වූ බවත් මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් වරප්‍රසාද කමිටුවට කැඳවන ‍ලෙස සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

    අද(05) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ සභානායකවරයා මෙම ඉල්ලීම සිදු කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම යන වයස සම්බන්ධයෙන් ඉරු දින පුවත්පතක මෙම පුවත පළවී තිබේ. වැඩිදුරටත් අදහස් දැක් වූ සභානායකවරයා පැවසුවේ ඉතිහාසයේ මෙවන් සිදු වීම් වරින් වර සිදු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නඩු තීන්දු පවා ලැබී ඇති බවයි. පාර්ලිමේන්තුවේ ගෞරවය, මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට හානි සිදු වන බැවින් මේ සම්බන්ධ පුද්ගලයින් වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙසද ඉල්ලා සිටියේය.

    මෙහිදී නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ වයස් සීමාව ඉලක්ක කරගෙන කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවයි. සෑම විටම මාධ්‍ය නිදහස අගය කළ යුතු බවත් එහෙත් අසත්‍ය පුවතක් පළ කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් අවවාද කරන මෙන්ද විපක්ෂ නායකවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya