වරදකරුවන් එකිනෙකා හඳුනාගෙන පුනරුත්ථාපනය කරමින් ඔවුන්ගේ දත්ත ලබා ගනිමින් අවශ්‍ය ප්‍රතිසංකරණ සිදුකරන බවද කීය.
අද (05) අධිකරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විට රැඳවුම්කරුවන් 26,000ට වැඩි ප්‍රමාණයක් බන්ධනාගාරවල සිටින බවත් එහෙත් එහි ඉඩ පහසුකම් ඇත්තේ 12,000ට පමණක් බවද අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඔවුන් නඩත්තු කිරීම සඳහා රජයට විශාල වියදමක් වැය වන බවද අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය. රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සහ මූල්‍ය ගනුදෙනු සෙවීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කළ යුතු බවද අධිකරණ අමාත්‍යවරයා කීවේ ය.
දැනට අධිකරණ වල ගොනු වී ඇති නඩු ප්‍රමාණය දසලක්ෂ අනූහතර දහස් නමසිය දොළහකි. මෙම නඩුවිභාග විසඳා අවසන් කිරීම සඳහා රජය මේ වන විටත් කටයුතු කරමින් සිටී. රජය පසුගිය මාස හය තුළ නව පනත් 27ක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත් බවත් එයින් 17ක්ම අධිකරණ අමාත්‍යංශය හා සම්බන්ධ පනත් කෙටුම්පත් බවද අධිකරණ අමාත්‍යවරයා කීය.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත මේ වන විට කෙටුම්පත් කරගෙන යනබවත් ඉදිරියේදී එය සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙන බවද කීය. පළාත් 09 ට අදාළව , මත් ද්‍රව්‍ය වැළැක්වීම සඳහා වන කාර්ය සාධක බලකායන් පිහිටුවීමටද බලාපොරොත්තු වේ. CAMPAINGN FINANCE BILL සඳහා අනුමැතිය ලබා ගත් බවත් ඉදිරියේ දි මහජන නියෝජිතයින්ට මැතිවරණ සඳහා මුදල් වියදම් කිරීමේ දි විශාල වගකීමක් ඇතැයිද කීය.