වරාය සහ ගුවන් සේවා අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
පළාලි ගුවන් තොටුපළ සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,කොවිඩ් වසංගතයෙන් පසු වසා දැමුණු ගුවන් තොටුපළේ ,පළමු ගුවන් යානය එළඹෙන දෙසැම්බර් 12 වන දා ඉන්දියාවේ සිට පැමිණෙන බවයි.
මෙමගින් උතුරු නැගෙනහිර සහ ඉන්දියාව සමග සමීප සබඳතා ඇති කර ගනිමින් ආර්ථික දියුණුවක් ළඟා කර ගත හැකි බවද කීය. එම ගුවන්පථය දීර්ග කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර තිබේ. මඩකලපුව ගුවන් තොටුපළේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා ගුවන් නියමු පාසලක් ආරම්භ කිරිමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
වරාය සහ ගුවන් සේවාව යනු ආර්ථිකය සඳහා විශාල දායකත්වයක් ලබා දිය හැකි ආයතන බවත් මෙම ආයතන මගින් රටට විශාල කාර්යභාරයක් සිදු කළ හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.