මෙම නැව දැනටමත් කොළඹ වරායෙන් පිටත මුහුදු තීරයේ නැංගූරම්ලා තිබේ.
මෙවර මහ කන්නය සඳහා යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව ඩොලර් බිලියන 110ක මුදලක් ණය වශයෙන් ලබා දී තිබේ. ඒ යටතේ යුරියා පොහොර මෙට්‍රික් ටොන් 125,000ක් මිල දී ගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව මේ වනවිට යුරියා මෙට්‍රික් ටොන් 13,000ක්, 22,500ක්, 16,000ක් හා තවත් මෙට්‍රික් ටොන් 16,000ක් වශයෙන් හා අද රාත්‍රී තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් වශයෙන් යුරියා පොහොර නැව් 04කින් මෙරටට යුරියා පොහොර ආනයනය කර තිබේ.
මේ වනවිට ලෝක බැංකු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබී ඇති යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 85,500කි.