ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දියාවේ තාක්ෂණික සහය

    දෙසැම්බර් 06, 2022

    ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

    ඊට අදාළව ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB) සහ ඉන්දියානු Amul කිරි සමාගම එක්ව මෙරට දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම‍ට පියවර ගෙන තිබෙන අතර එහි මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    කෙටි සහ මධ්‍යකාලීන සැලසුම් ක්‍රියාත්මක කරමින් දේශීය කිරි නිෂ්පාදනය දෙගුණ කර ගැනීම පිළිබඳව සහ ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඔස්සේ දිගුකාලීනව ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය නිමල් සමරනායක, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල් යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‍හා රේඛීය ආයතනවල නිලධාරීන් ද, ඉන්දියානු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි රජේශ් ඔන්කර්නාත් ගුප්තා (Rajesh Onkarnath Gupta), සාමාන්‍යාධිකාරී සුනිල් ශිවප්‍රසාද් සිංහා (Sunil Shivprasad Sinha), ජ්‍යෙෂ්ඨ කළමනාකරු රාජේශ් කුමාර ශර්මා Rajesh Kumar Sharma යන මහත්වරු ඇතුළු නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya