ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර්වලට අලෙවි කිරිමේ වැඩපිළිවෙල - නිවාස හය විකිණීමේ ආදායම ඇමරිකානු ඩොලර් 276,650.00ක්

    දෙසැම්බර් 06, 2022

    නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට නිවාස 6ක් අළෙවි වී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ ඩුබායි, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා කටාර් රාජ්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් මෙම නිවාස මිලදීගෙන ඇති බවයි.

    මෙම මිලදී ගැනීම වෙනුවෙන් පසුගිය මාස දෙකක කාලයේදී ඇමරිකානු ඩොලර් 276,650.00 ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියේ විදේශීය මුදල් ගිණුමට ලැබී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි. එමෙන්ම නියමිත ඩොලර් වටිනාකම එකවර ගෙවූ බැවින් ඔවුන්ට සියයට 10ක වට්ටම් දීමනාවක් හිමිව තිබේ.

    මෙම නිවාස අළෙවි වී ඇත්තේ පන්නිපිටිය, වීරමාවතේ පිහිටි වියත්පුර නිවාස සංකීර්ණයෙනි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ මේ වනවිට තවත් නිවාස දහයක් මිලදී ගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් අයඳුම්කර ඇති බවයි.

    ඒ අනුව ඩොලර්වලට නිවාස අළෙවි කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම වසර අවසන්වීමට පෙර ඇමරිකානු ඩොලර් 352,800.00ක පමණ ආදායමක් උපයාගත හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

    විදෙස්ගත ලාංකිකයන් හා ශ්‍රමිකයන් සදහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ඩොලර් මගින් මිල දි ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පියවර ගත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. ඒ අනුව ඩොලර්වලට නිවාස අළෙවි කිරීමේ වැඩපිළිවෙල යටතේ අළෙවි වූ පළමු නිවස ඉකුත් සැප්තැම්බර් මාසයේදී මිලදී ගත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයකු විසිනි. එම නිවස අළෙවි වූයේදී වියත්පුර නිවාස සංකීර්ණයෙනි.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ ඩොලර්වලට නිවාස අළෙවි කිරීමේ වැඩපිළිවෙල යටතේ ලබන වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක ආදායමක් උපයා ගැනීමට කරගැනීමට දැනටමත් සැලසුම් සකස්කර අවසන් බවයි.

    නාගරික සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය www.uda.gov.lk පිවිසීමෙන් මේ සම්බන්ද වැඩි විස්තර හා අවශ්‍ය අයඳුම් පත්‍ර ලබාගැනීමට හැකිය. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ 077-7794016 දුරකතනයට ඇමතීමෙන් ද මේ සම්බන්ධ වැඩිවිස්තර ලබාගත හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya