අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) පිළිබඳ හයවන දකුණු සහ නිරිතදිග ආසියානු සංසදයේ සමාරම්භක සැසිවාරය අමතමනි.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීම සඳහා රජය නොසැලී සිටින බවත්, අපනයනය ඉලක්ක කරගත් තරඟකාරී ආර්ථිකයක්, පරිසර හිතකාමී නීල හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් මත පදනම් වූ නව ආර්ථික ආකෘතියක් ලඟා කර ගැනීමට අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙම නව්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්හි දී ඳිළිදු සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා සමාජ ආරක්ෂණ ජාල මඟින් ප්‍රතිලාභ අත් කර දීමට කටයුතු සිදු කරනු ඇතැයිද අමාත්‍යවරයා කීය.
ආසියා සහ පැසිෆික් කළාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) සහ පාකිස්තාන රජය එක්ව, තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) පිළිබඳ හයවන දකුණු සහ නිරිතදිග ආසියානු සංසදය දෙසැම්බර් 05 සිට 07 දක්වා පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි දී කැඳවා ඇත.