වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව (05) පැවසීය.
මෙරට බදු ගෙවන අහිංසක දුප්පත් ජනතාවගේ බදු මුදල් විනාශ කරන ශ්‍රි ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යහගත කිරීම මිස ඒ සඳහා වෙනත් විකල්පයක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය. මෙහිදී ගුවන් සමාගමේ කොටස් 51% ක් ශ්‍රී ලංකාව සතුව තබාගෙන ඉතිරි 41%ක් බද්දට ලබා දෙන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මෙහිදී මීට ඉහත කළාක් මෙන් ගුවන් සමාගමේ පාලනය එම ආයෝජකයාට ලබා දීමට තීරණය කර ඇතැයිද කීය. ගුවන් සමාගමට අනුබද්ධ, කේටරින් සමාගම, ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් සහ ශ්‍රී ලන්කන් තුනම ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බවත් ඒ සඳහා පත් වූ කමිටුවක් මෙම කටයුතු තීරණය කර අවසන් තීරණයකට ආ පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද කීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යහගත කිරීමට විරුද්ධ වූයේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බවයි. ශ්‍රී ලංනකන් ගුවන් සමාගම සතු අප සතු එකදු ගුවන් යානයක්වත් නැහැ. තිබෙන ගුවන් යානා 27ම සියල්ලම බද්දට ගත්ත ඒවා. එයා බස් සමාගමේ සිදු වූ වංචාවක් සම්බන්ධයේ එම සමාගමට විරුද්ධව නඩු පවරා වන්දියක් අය කර ගැනීමට බලාපොරොත්තු වන බවද කීය.
දැන් එන මාසේ ඇතැම් ගුවන් යානා වල කාලය අවසන් වෙනවා. එම බදු අලුත් කළේ නැත්නම් ගුවන් වාර අවලංගු කිරීමට සිදුවෙනවා. එබැවින් එන සංචාරකසමයේදී නැවත් ගුවන් යානා බදු පදනම මත ලබා දිය යුතු බවද කීය.
රජය සෑම විටම දකුණේ ජනතාව කෙරෙහි මෙන්ම උතුරු නැගෙනහිර ජනතාව කෙරෙහි ද අවධානය යොමු කරන බව ගුවන් සේවා අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉන්දියාව සහ මගී නැව් සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බවත් කන්කසන්තුරේ, සහ පලාලි පලාලි ගුවන් තොටුපළ ගුවන් ගාස්තු 50% කින් අඩු කළ බවද අමාත්‍යවරයා කීය. මඩකඩපුව ගුවන් තොටුපල පියාසර පාසලක් ලෙස නම් කර තිබේ.
මහනුවර ප්‍ර දේශයේ ගුවන් තොටුපළ සෑදීමට මහා සංඝරත්නයේ විරෝධතාවය නිසා එය ඉදිරියට ගෙන යාමට නොහැකි වූ බවද කීය. මත්තල ගුවන් තොටුපළ ඵලදායී ලෙස දියුණ කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කීය.