ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    දුම්රිය දෙපාර්තමේන්තුව කිසි ලෙසකින් පෞද්ගලීකරණය කරන්නේ නෑ

    දෙසැම්බර් 06, 2022

    දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නැති බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවේ නියුතු සියලු අංශවල පිරිස් සමඟ සාකච්ඡා කර පොදු ප්‍රවාහනයට අලාභ නොවන ආකාරයට දුම්රිය යොදාගැනීම සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් ගැනීමට කටයුතු කරන බවත්, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

    අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා සදහන් කළේ, දුම්රිය පොදු ප්‍රවාහනය අලාභ නොවන ලෙස පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න මේ වන විට තමා හා දුම්රිය සේවකයින් අතර සාකච්ඡාවක් පවතින බව කීවේ ය.

    එසේම දෙපාර්තමේන්තුවක් ලෙසින් තීන්දු තීරණ ගැනීමට තිබෙන අපහසුතා නිසා බොහෝ ගැටලු නිර්මාණය වී ඇතැයි පැවසු අමාත්‍යවරයා, දුම්රිය අධිකාරියක් බවට පත් කිරිමට ද මේ වන විට සාකච්ඡා මට්ටමින් පවතින බව ද පැවසීය.

    පසුගිය කාලපරිච්ජේදයේ දී දුම්රිය දෙපාර්තමේන්තුව වාර්ෂිකව බිලියන 10 බැගින් අලාභ ලබා ඇති බවත්,මෑත වර්ෂයේ දී ඉන්ධන මිල ඉහළ යෑම සමග ඉන්ධන වියදමවත් පියවා ගැනීමට අපහසු වී තිබෙන බවත් කීය. දුම්රිය ආදායම ඉහළ දැමීමේ අරමුණින් දුම්රිය ගාස්තු මේ වන විට ඉහළ දැමීම හේතුවෙන් බිලියන 01 කට වඩා ආදායමක් ලැබී ඇත. එයින් ඉන්ධන වියදම පියවා ගත හැකි වුවද ,සේවකයින්ගේ වැටුප් සදහා රුපියල් බිලියන 07ක් ,අතිකාල සදහා රුපියල් බිලියන 2.6 ක මුදලක් ඉන් පියවා ගැනීමට නොහැකි වී ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.දුසේ හෙයින් දියුණු කළමණාකරණ ක්‍රමවේද අනුගමනය කරමින් ඉන්දීය ණය යෝජනාවක් ලබා ගැනීමටත්,පෞද්ගලික ආයෝජකයින් ලබා ගැනීමටත්, එවැනි යෝජනා තිබේ නම් ඕනෑම අයෙකුට එය ඉදිරිපත් කිරිමට හැකියාවක් ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya