එසේ නොකළහොත් ලබන වසරේ පැය 6ත් 8ත් අතර කාලයක විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා, නීතිපතිවරයා සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස තමා ඇතුළු ඒකාබද්ධ අත්සනින් යුතුව විදුලි බිල සංශෝධනය සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවත් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල විපක්ෂය විසින් සිදු කළ චෝදනාවන්ට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය.
විදුලිබිල සංශෝධනය කරන්නේ විදිලිබල මණ්ඩලයේ අලාභ පියවා ගැනීමට නොවන බවද හෙතෙම අවධාරණය කළේය. විදුලි බල මණ්ඩලය පසුගිය දිනවල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ ඇතුළත් වූයේ මෙරට විදුලි ජන සැළසුමට සරිලන ගාස්තු ක්‍රමයක් යෝජනා කළ යුතු බවයි.විදුලිබල මණ්ඩලයේ අලාභ පියවා ගැනීම සම්බන්ධයෙන් එහි සඳහන් නොවූ බවද හෙතෙම සඳහන් කළේය.
විදුලි බල මණ්ඩලය පසුගිය වසරේ ලැබූ අලාභය සම්බන්ධයෙන් සහ මෙරට විදුලි ජනන සැළසුමට සරිලන ආකාරයේ ගාස්තු ක්‍රමයක් නිර්මාණය කළයුතු බවත් සෑම වසරකම ජනවාරි සහ ජුනි මාස වල වියදමට සරිලන ආකාරයේ ගාස්තු සංශෝධනයක් කළ යුතු බවත් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලි බළ මණ්ඩලය 2023 වසරේදී අඛණ්ඩ විදුලි සැපයීමක් සඳහා විදුලි ඒකකයක් උත්පාදනය කිරීම වෙනුවෙන් රුපියල් 56.90ක මුදලක් වැය කිරීමට සිදු වන බව උපකල්පනය කර තිබේ.
මේ වන විට ඒකකයක් වෙනුවෙන් අයකරන සාමාන්‍ය ගාස්තුව රුපියල් 29.14ක් බවත් එවිට රුපියල් 27ක හිගයක් ඇති වෙන බවත් එම හිගය රුපියල් බිලියන 423.5ක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ප්‍රතිව්‍යහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන මෙම අවස්ථාවේ එම හිග මුදල් අය කර ගැනීමට ක්‍රමයක් නෙමැති බවත් ගාස්තු සංශෝධනය යාවත්කාළීන කිරීමකට යා යුතු බවද කීය.