ඔහු මෙම ඉල්ලීම කළේ, අයවැය කාරක සභා අවස්ථාවේ, වාරිමාර්ග, කෘෂිකර්ම අමාත්‍යංශ වැය ශිර්ෂ විවාදයට (06 ) පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.
ලෝක බැංකු වාර්තා අනුව, ශ්‍රි ලංකාවේ ගංවතුර නිසා සිදුවන වාර්ෂික හානිය ඇමරිකානු ඩොලර් මිලියන 300කට අධික බවත්, එයින් වැඩිම හානිය සිදුවන්නේ කැලණි මිටියාවතේ බවත්,ඔහු කියා සිටියේය.
කැලණි ගඟ පිටාර ගැලීම , කොළඹ, ගම්පහ, කෑගල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට බලපාන බවත්, වාර්ෂික ගං වතුරෙන් වන හානිය වළක්වා ගතහොත් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 200කට වඩා ඉතිරි කරගත හැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. වාර්ෂිකව කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ගංවතුර නිසා පවුල් 50000ක් පමණ, නැතහොත් පුද්ගලයන් ලක්ෂ 3ක් පමණ ආපදාවට ලක්වන බවත්, ඔහු පැවසිය.
1937 දී පිලිප් ගුණවර්ධන මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාව අමතමින්, කැළණි ගඟ සඳහා බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම කරුණු සහිතව පෙන්වා දුන් බවත්, පසුව වාරි ඉංජිනේරුවන් මේ සම්බන්ධයෙන් පෙන්වා දී ඇති බවත් යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේය.
යදාමිණී ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙසේද කීය.
“Hon. Presiding member at the very outset let me earnestly request that this house provides for a special committee called the kelani valley Action committee to be setup for the purpose of Flood Control, Electricity Generation, Fertilizer Manufacturing, Economic Planning and Development as well as for the Navigation of internal waterways long the kelani valley river basin.
Why I make this request is that in 2020, two years ago World Bank estimation report says, I quote “US $ dollars 300 million per an mum lost as a result of damages caused by flood.”
This is a colossal amount of money that is been lost, there for the majority of flood damages are reported along the kelani valley where the districts of Colombo, Gampaha, Kegalle and Nuwaraeliya are bordering along the river basin.
මා ඒ ටික විශේෂයෙන් සඳහන් කරන්න ඕනා, වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 300කට වඩා ගංවතුර සහ නායයෑම් නිසා අපේ රටේ ආර්ථිකයට අහිමි වෙනවා. මේ සා විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා කියලා 2020 ලෝක බැංකු වාර්තාව සඳහන් කරනවා. මෙහි මූලිකම කාරණාව සිදුවන්නේ කැළණි මිටියාවතේ කොළඹ, ගම්පහ ඒ වගේම කෑගල්ල හා නුවරඑළි දිස්ත්‍රික්ක වලයි. මේ වසරේ පමණක්, තාම වර්ෂය අවසන් වෙලා නෑ. මා ගාව සංඛ්‍යා ලේඛන ප්‍රමාණේ අද ගෙනාවා. කොළඹ දිස්ත්‍රික්කයේ, ඒ කියන්නේ කැළණි මිටියාවතේ පහළ ප්‍රදේශයේ වම් සීමාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් තුළ පමණක් පවුල් 50,000කට වැඩි පිරිසක් අවතැන් කරමින් 250,000කට වඩා පිරිසකට මෙය බලපාලා තියෙනවා.
කොළොන්නාව ආසනයේ පමණක් 72,000ක් ජනතාවට මේ ආසනයේ අපේ මේ බලපෑම කැළනි මිටියාවතේ සිදුවී තිබෙනවා. ඒක නිසා මේ උච්චතම කාලය ලංකාවේ දියුණුතමයි කියන ප්‍රදේශය, ලංකාවේ වඩාම සංවර්ධිතයි කියන ප්‍රදේශය, ජාතික ආර්ථිකය මෙහෙයවන එහි පෙර ගමන්කරුවා හැටියට කටයුතු කරන කැළණි මිටියාවත පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන එක ජාතික ආර්ථිකයේ ඊළඟ කාල පරිච්ඡේදය නිර්මාණය කරන්ට.
මේ පිළිබඳ විශේෂයෙන් විශේෂයෙන් පසුගිය දා ඉදිරිපත් කිරීමක් දේශනයක් පවත්වමින් කරුණු ඉදිරිපත් කරන්නට යෙදුණු දීර්ඝ කාලයක් මේ විෂය සම්බන්ධයෙන් අදහස් අප සමඟ හුවමාරු කරපු ඉංජිනේරුවෝ වාරි ඉංජිනේරුවන් රාශියක් ඉන්නවා අපේ රටේ. ඔවුන් සියලු දෙනාගේ අදහස් ගොනු කරලා විශේෂයෙන් කැළණි ගංගා ද්‍රෝණි සංවර්ධනය ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රමුඛ සංවර්ධන කටයුක්ත හැටියට ඇන්ටන් නානායක්කාර වාරි ඉංජිනේරුතුමා, ඒ ඒ.ඩී.එස්. ගුණවර්ධන වාරි ඉංජිනේරුතුමා අද වයස්ගත වුණත්, අපේ රටේ 30,000ක් වැව් පද්ධතියේ කුඩා හා මධ්‍ය වැව් පද්ධතිය පිළිබඳ සමීක්ෂණ වාර්තාව මුලින්ම ඉදිරිපත් කරපු මහාචාර්ය පානබොක්කේ මැතිතුමා ඇතුළු මේ වගේ පිරිස ඒකරාශි කරගෙන මේ කටයුත්ත ඉදිරියට ගෙනියන්ට ඕනේ. ගංවතුරට වේල්ල හරස් වුණත් මගේ උගත් මන්ත්‍රී සභාපතිතුමා මගේ කථාවට හරස් වෙන එකක් නෑ. මේ ටික කියන්න දෙන්න, ඔබත් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නිසා. මා මේ ආකාරයෙන්ම ඉල්ලා සිටිනවා මල්වතු නිම්නය අපේ රටේ වාරි ඉතිහාසේ ලෝක ඉතිහාසයට ගෙනිච්චේ සියවස් 15ක අග නගරයක් පෝෂණය කර සුපෝෂිත විශිෂ්ට ශිෂ්ටාචාරයක පදනම හදන්ට අනුරාධපුරයට උදව් වුණේ මල්වතු ඔය. ඒ පිළිබඳව අපි අනු කමිටුවක් පත් කරන්ට ඕනා. ඒ වගේම තමයි උතුරට වතුර ටික ගෙනියන්න water for Jaffna, water for North ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන්න කියන ඉල්ලීමත් විශේෂයෙන් මම මේ අවස්ථාවේ කරන්ට ඕනා. ලන්ඩනයට තේම්ස් නම්, පැරීසියට සේම් නම්, ඒ වගේම මොස්කව්වලට වොල්ගා නම්, ඓතිහාසිකව අනුරාධපුරයට තිබෙන මල්වතු නම්, කොළඹ තදාසන්නව තියෙන්නේ කැළණි ගඟයි, අපේ රටේ අගනුවර මුල් කරගෙන. ඒ හින්දා මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්ට අද දවසේ විශේෂයෙන් මා නියෝජනය කරන ඒ උපදේශක කාරක සභාව භාර ගරු අමාත්‍යතුමාත් රාජ්‍ය අමාත්‍යතුමාත් මේ අවස්ථාවේ එකතු වෙන වෙලාවේ ඔවුන්ට මෙය නැවත මතක් කරමින් උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ මා වචනයක් කියන්ට ඕනේ. අපේ රටේ වැඩිම පරිත්‍යාගයන් ජාතික අනාගතය වෙනුවෙන් සිදු කරපු වෙල්ලස්ස ජනතාව වෙනුවෙන් නිර්මාණය කරපු උමා ඔය ව්‍යාපෘතියේ අවසන් නොකෙරුනු වැඩ ටික ඉක්මන් කරලා කරන්න. ජල විදුලි උත්පාදනය ටික ඉක්මන් කරන්න. විශේෂයෙන් මැදිහත් වෙන්ට කියන ටික කියමින් මා මේ කෙටි උපුටා ගැනීම සිදු කරමින් මගේ කථාව අවසන් කරනවා.
“1937 නොවැම්බර් මාසේ 16 වැනිදා පිලිප් ගුණවර්ධන මැතිතුමා කැළණි මිටියාවතට බහුකාර්ය යෝජනා ක්‍රමයක් ඉල්ලා සිටිමින් ඉල්ලා හිටියා.”
උපුටා ගන්නවා.
“වාර්ෂිකව කැළණි මිටියාවතේ ගංවතුරෙන් නිවාස, කෘෂි භෝග, පශු සම්පත් හා මිනිස් ජීවිත පවා විනාශ වනවා. මේ දිවයිනේ සෑම දෙනාම දන්න කරුණක් කැළණි ගංවතුරේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව රටට අහිමි වන මූල්‍ය වටිනාකම රුපියල් ලක්ෂ 2ක් පමණ වනවා කියලා එදා ගණන් බැලුවා. ඒ ඉතා විශාල මුදලක්. එහෙම සැබෑ දේපළ හා ජීවිත හානියට අමතරව මේ ගංවතුර නිසා කැළණි මිටියාවත සමස්ථ ආර්ථිකයේ ජන ජීවිත ක්‍රියාවලිය දින කීපයක් ඇණහිටි තත්ත්වයට උදා කරමින් ජාතිය දුප්පත් කරන්ට පසුගිය කාල පරිච්ඡේදය දායක වුණා.” එය දැන් වෙනස් කරන කාලය බිහි කරමුයි කියමින් මට මෙතෙක් වෙලා කාලය ලබා දුන්නු ඔබතුමාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙමින් මා නිහඩ වෙනවා.”