පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    නව වසරේ පාර්ලිමේන්තු පළමු රැස්වීම ජනවාරි 17 වැනිදා

    දෙසැම්බර් 07, 2022

    ලබන 10 වැනි සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි.
     8 වැනිදා අයවැය තෙවනවර ඡන්ද විමසුම ප.ව 5.00 ට...

    ලබන 10 වැනි සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (05) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    ලබන 10 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටත් මීට පෙර තීරණය වී තිබිණි.

    මේ අනුව 13 අගහරුවාදා සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කොට ඇති අතර පෙර තීරණය කළ පරිදි 9 වැනි සිකුරාදා, එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.

    තවද ලබන 8 වැනිදා පැවැත්වීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ප.ව 5.00 ට පැවැත්වීමට ද කාරක සභාවේ එකඟත්වය පළවී තිබේ.

    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2022.12.03 දිනැති 2308/62 අංක දරන ගැසට් පත්‍රයේ සදහන් නියමය ද අනුමතිය සදහා ලබන 8 වැනිදා ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය වී ඇත.

    එසේම ලබන 13 වැනිදායින් පසු නැවත 2023 ජනවාරි 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණ වූ බව මහලේකම්වරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya