පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    අයවැය 2023- ඡන්ද විමසීම අද

    දෙසැම්බර් 08, 2022

    විසර්ජන පනත් කෙටුම්පත -2023 ( අයවැය ) තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (08) පාර්ලිමේන්තුවේ දී සිදුවෙයි.

    2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව (අයවැය කථාව) ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    නොවැම්බර් 15 දින සිට අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ඇරඹිනි. විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් (22) සිදු විය . අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 121 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 84 ලැබුණි.

    විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ ( වැය ශීර්ෂ ) නොවැම්බර් (23) ආරම්භ විය. කාරක සභා අවස්ථාවේ විවාදය දින 13ක් පැවැත්වෙයි.

    කාරක සභා අවස්ථාවේ විවාදයේ 13 වැනි දිනය වන අද මුදල්,ආර්ථික ස්ථාපීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනේ.

    ඉන් අනතුරුව අයවැය තෙවැනිවර කිරීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. අයවැය සඳහා ඡන්ද විමසීම ප.ව 5.00ට ආරම්භ වෙයි.

    මේ අතර ලබන 10 වැනි සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් (05)දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    ලබන 10 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටත් මීට පෙර තීරණය වී තිබිණි. මේ අනුව 13 අගහරුවාදා සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කොට ඇති අතර පෙර තීරණය කළ පරිදි 9 වැනි සිකුරාදා, එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.

    තවද අද 8 වැනිදා පැවැත්වීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ප.ව 5.00 ට පැවැත්වීමට ද කාරක සභාවේ එකඟත්වය පළවී තිබේ.
    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2022.12.03 දිනැති 2308/62 අංක දරන ගැසට් පත්‍රයේ සදහන් නියමය ද අනුමතිය සදහා අද( 8 වැනිදා ) ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය වී ඇත.

    එසේම ලබන 13 වැනිදායින් පසු නැවත 2023 ජනවාරි 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණ වූ බව මහලේකම්වරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya