පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැංවීමට කර්මාන්ත ඇමති සහ සහ ස්විස්ටර්ලන්ත තනාපති අතර විශේෂ සාකච්ඡාවක්

    දෙසැම්බර් 08, 2022

    ලෝකයේ ධරණීය හා සංවර්ධිත ආර්ථික තත්වයන් ඇති රටවල දැනුම හා මාර්ගෝපදේශකත්වය මෙරට ආර්ථිකයට එක්කර ගැනීමේ අරමුණෙන් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුවිය.

    එහිදී ලෝකයේ වඩාත්ම දියුණු සහ ඉහළ සංවර්ධිත නිදහස් වෙළඳපොල ආර්ථිකයන්ගෙන් එකක් වන ස්විට්සර්ලන්තයේ ආර්ථිකය ගුරුකොට ගනිමින් මෙරට ආර්ථිකයට ලබා ගතහැකි පූර්වාදර්ශයන් මූලිකව සාකච්ඡාවට බදුන් කෙරුණු අතර එහිදී මෙරට ආර්ථිකයට ප්‍රමුඛ ගාමක බලයක් සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි ක්‍රමෝපායන් සාකච්ඡා කර තිබේ.

    එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය වෙනුවෙන් තාක්ෂණික හා නව ක්‍රමෝපායන් එක්කොට ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරිණි.

    මෙම අවස්ථාවට මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් Sidonia Gabriel මහත්මිය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාද එක්විය.
    .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya